spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පවතින වැසි තත්ත්වයේ තරමක අඩුවීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (05) දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (05) දිනය තුළ විටින් විට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවදැනුම් දෙන්නේ.

සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල අද (05) දිනය තුළ වැසි වාර කිහිපයක් ඇති විය හැක අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50ක් පමණ දක්වා වැඩිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?