පලාලි සිට කොළඹ දක්වා ගුවන් ගමන් ඇරඹීමේ සූදානමක්

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සිට කොළඹ දක්වා සිවිල් ගුවන්සේවා නුදුරේදීම ආරම්භ කිරීමට සූදානමක් පවතින බව ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රාකේෂ් නට්රාජ් මහතා පවසනවා.

යාපනය දිස්ත්‍රික් කාන්තා දින සැමරුම් වැඩසටහනට එක්වු අවස්ථාවේ දීයි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිවරයා මේ බව ප්‍රකාශ කළේ.

පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සිට කොළඹ දක්වා සිවිල් ගුවන්සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙරට රජය සාකච්ජා කර ඇති අතර, අදාළ ගුවන් සේවා නුදුරේදීම ආරම්භ කිරීමට නියමිත බව ද ඔහු එහිදී සඳහන් කළා.

ඉන්දීය රජයේ මූල්‍ය ආධාර හා මෙරට රජයේ මුල්‍ය පහසුකම් යටතේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදි කර තිබෙනවා.

මෙරට රජයේ රුපියල් මිලියන 1950ක් හා ඉන්දීය රජයේ රුපියල් මිලියන 300ක මූල්‍ය ආධාර ඊට අයත්.

රුපියල් මිලියන 2250ක වියදමක් යටතේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අදියර හතරක් යටතේ සංවර්ධනය කිරීමට නියමිතයි.

පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සිවිල් ගුවන් ගමන් වෙනුවෙන් නිල වශයෙන් විවෘත කරනු ලැබුවේ 2019 ඔක්තෝම්බර් 17 වැනිදා යි.

කොඩිඩ් සමයේ ගුවන් ගමන් නවතා තිබු පලාලි ගුවන් තොටුපොලේ සිවිල් ගුවන් ගමන් සේවා කටයුතු නැවත පසුගිය වසරේ ආරම්භ කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14