පලාලි යුද හමුදා කඳවුරේ සැරයන්වරයෙකු හදිසියේ ම මරුට

පලාලි යුද හමුදා කඳවුරේ සේවයේ නිරත යුද හමුදා නිලධාරියෙකු හදිසියේ ම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ (23) පස්වරුවේ මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත්තේ; යුද හමුදා සැරයන්වරයෙකු බවයි යාපනය පොලිසිය පැවසුවේ.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව පලාලි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රෝගී තත්ත්වයෙන් අසාධ්‍යය වී සිටි යුද හමුදා සැරයන්වරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යැවුණා.

නමුත් ඔහු එහිදී ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය රෝහලෙන් සිදු කර ඇති අතර මරණයට හේතුව හෘදයාබාධයක් බවට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි යුදහමුදා සැරයන්වරයෙක්.

ඔහු දෙදරු පියෙකු වන බවට ද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22