පල්ලන්සේන බන්ධනාගාරයේ සිද්ධියෙන් තුවාල ලැබූ 28ක් වැලිකඩ බන්ධනාගාර රෝහලට

පල්ලන්සේන බන්ධනාගාරයේ අද (07) පෙරවරුවේ සිට ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් 28 දෙනෙක් වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර රැඳවියන් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළා.

කෙසේ වෙතත් පසුව තත්ත්වය ආරක්ෂක අංශ යටතට ගැනුණු අතර, ඉන් අනතුරව තුවාල ලැබූ රැඳවියන් මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.