පරීක්ෂාවෙන් තොරව මුදාහළ බහාලුම් ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

පසුගිය සතියේ රේගුවෙන් පරීක්ෂා නොකර නිදහස් කළ බහාලුම් 323ට පෙර ද අවස්ථාවක බහාලුම් 570ක් එලෙස මුදාහැර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසනවා.

කෙසේවෙතත් වරායේ පවතින තදබදය හේතුවෙන් මෙය සිදුකර ඇති බවත් අදාළ බහාලුම් සම්බන්ධයෙන් වන සෑම කරුණක් සොයා බලමින් පවතින බව ද අමාත්‍යවරයා කියා සිටියා.

ශ්‍රී ලංකා රේගු අධිකාරිය විසින් එහි අභ්‍යන්තර කටයුතු ඒකකය මගින් අත්අඩංගුවට ගන්නා ලද භාණ්ඩ තොගයක් පරීක්ෂා කිරීම අද (27) දින බ්ලුමැන්ඩල් කාර්ගෝ (blumendal cargo) අංගනයේ දී සිදු කෙරුණු අතර එම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විදෙස්ගත ව සේවය කරන මෙරට ශ්‍රමිකයින්ගේ මුවාවෙන් අදාළ භාණ්ඩ තොග ගෙන්වා ඇති බවත් ‍රේගුව පවසනවා.

ලැබුණු තොරතුරකට අනුව මෙම භාණ්ඩ තොගය පරීක්ෂා කර ඇති අතර එහිදී හෙළි ව ඇත්තේ අදාළ භාණ්ඩ තොගය යැවිය යුත්තේ කුමන පුද්ගලයෙකුගේ ද යන්න එහි සඳහන් නොකර ඇති බවත් සඳහන් කර ඇති ලිපි සියල්ල ම සාවද්‍ය බවයි.

එම භාණ්ඩ තොගය තුළ විවිධ වර්ගයේ සුවඳ විලවුන්, රූපලාවණ්‍ය ආලේපන, පාවහන් සහ ‘කහ’ඇතුළු රුපියල් මිලියන 200ක වටිනාකමකින් යුත් භාණ්ඩ සොයා ගැනුණා.

රේගුව පැවසුවේ මෙම මිල ගණන් දැනට (තාවකාලිකව) තක්සේරු කර ඇති ගණන් පමණක් බවත් එය වෙනස් විය හැකි බවයි.

මෙම භාණ්ඩ නිරීක්ෂණයට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා සිදුවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

” වරාය තදබදය අවම කිරීම සඳහා අපි නිරීක්ෂණ චාරිකාවල යෙදෙනවා. ඒ අතරතුර තමයි මෙවැනි භාණ්ඩ තොගයක් හමු වී තිබෙන බව මට දැනුම්දීමෙන් පස්සේ මං ඒවා පරීක්ෂා කරන්න ආවේ. මේ සම්බන්ධයෙන් අපි අවශ්‍ය කරන නීතිමය පියවර ගන්නවා. ඒ වගේම වරාය තදබදය උත්සව කාලවල දී සහ විවිධ අවශ්‍යතා මත ඇතිවෙනවා..” යනුවෙන්.

මීට පෙර ද මෙවැනි ගැටලු ඇති වී තිබෙන බවත්; ඒ සම්බන්ධයෙන් පැවති රජයන් කිසිදු ක්‍රමවේද සකස් කර නොමැති බවත් වත්මන් රජය මගින් ඊට නිසි විසඳුම් දෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14