පරිසර දිනයට සමගාමීව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඇළ මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ජගත් පරිසර දිනයට සමගාමීව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හා එක්ව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඇළ මාර්ග තිරසාර ලෙස පවත්වා ගැනීම ඉලක්ක කරගත් ඇළ මාර්ග හා ඒ ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනේ සමාරම්භය අද (30) නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

නාගරික ප්‍රදේශයන්හි ඇළ මාර්ග හා ඒ ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීම නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය පවතින සෙත්සිරිපාය පරිශ්‍රය අභියස ඇති පොල්දූව ඇළ මාර්ගයෙන් ආරම්භ වුණා.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.

පාරිසරික, සමාජයීය, ආචාරධර්ම යන කුළුණු තුන මූලික කර ගත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ජලයේ ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම සහ ගං වතුර පාලනය වෙනුවෙන් සර්පන්ටයින් ඇළ, සෙබස්කතියන් ඇළ, මාවතගම ඇළ, දෙමටගොඩ ඇළ ඇතුලු කොළඹ අග නගරයේ ප්‍රධාන ඇළ මාර්ග පිරිසිදු කිරීම හා නඩත්තු කිරීම සිදුකරනවා.

මේ අවස්ථාව සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති සමන් ශ්‍රී සෙනවීර, වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ. එච්.තුෂාරි, වැඩබලන අතිරේක සාමාන්‍යාධිකාරී එස්.පී. මුතුමාල ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04