පරිවර්තනීය අධ්‍යාපනයකට දිස්ත්‍රික්ක මට්ටමින් සංවර්ධන සැලැස්මක්

ඉදිරි වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව දැනුම්වත් කිරීම හා ඒ් සමඟ මතු වන ගැටලු හඳුනා ගැනීම මෙන් ම ඒවාට පළාත් මට්ටමින් විසඳුම් සොයා ගැනීම අරමුණු කරගනිමින්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මේ දිනවල උතුරු මැද හා නැගෙනහිර පළාත්වල සංචාරයක නිරතව සිටිනවා.

ඒහි දී අමාත්‍යවරිය පළාත් අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සමඟ සෘජුව සාකච්ඡා පවත්වමින් අධ්‍යාපන පද්ධතියේ ප්‍රායෝගික ගැටලු විමර්ශනයට ලක් කිරීම සිදුවුණා.

මෙම සංචාරයේ දී පළමු ශ්‍රේණියට සහ හය ශ්‍රේණියට උගන්වන ගුරු භවතුන් හමු වී විශේෂ සාකච්ඡාවක් ද අගමැතිනිය පවත්වනු ලැබුවා.

හඳුන්වා දෙන මොඩියුල් ක්‍රමයේ වැදගත්කම සහ එමගින් දරුවාට නිදහසේ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව ලැබීම පිළිබදවත් පවතින මනෝ විද්‍යාත්මක වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරිය, ඒම ක්‍රමයෙන් අධ්‍යාපනය ලබාදීම පිළිබඳව ගුරුවන්ගේ අදහස් ද මෙහි දී විමසා සිටියා.

ඒමෙන්ම ඔවුන් මේ වන විට මුහුණ පාන ගැටලු පිළිබඳව ද විමසූ ඇය ඇතැම් ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබා දී අනෙකුත් ඒ්වා විසඳා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ බලධාරීන් දැනුම්වත් කළා.

ඒමෙන් ම මෙම සංචාරය අතරතුර සිදු කළ තවත් විශේෂ කටයුත්තක් වනුයේ සියලුම විදුහල්පතිවරුන් හමුවීමයි.

මෙහි දී ඉදිරියේ දී ගෙන ඒ්මට නියමිත මොඩියුලර් ක්‍රමය පිළිබඳව සහ ඇගයීම් ක්‍රමවේද පිළිබඳව විශේෂ වශයෙන් විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීම හා ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සිදුවුණා.

නැගෙනහිර පළාත් සංචාරය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කියා සිටියේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත්, ගුරු පුහුණු සිදු කිරීමත් ඉතා වැදගත් කරුණු ලෙස සැලකිය යුතු බවයි.

ලංකාව පුරා සියලු ම පළාත් ආවරණය වන පරිදි අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සමඟ සෘජුව සාකච්ඡා කිරීමට හැකි වීම නිසා බිම් මට්ටමේ අදහස් යෝජනා ලබා ගත හැකි බවත්, ඔවුන්ගේ ගැටලු හඳුනා ගත හැකි බවත් පෙන්වා දුන් අමාත්‍යවරිය, උතුරු මැද හා නැගෙනහිර සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ ද ඒය බවත් ප්‍රකාශ කර සිටියා.

ඉදිරියේ දී දිස්ත්‍රික් මට්ටමින් විධිමත් සංවර්ධන සැලැස්මකට අනුව මෙම නව අධ්‍යාපන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බවත් ඇය මෙහි දී පෙන්වා දුන්නා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමඟ හඳුන්වා දෙන මොඩියුල ක්‍රමවේදය පිළිබඳව ගුරුභවතුන් සමඟ සෘජුව කතා කිරීමට හැකි වූ බවත් ගුරුවරුන් මේ වෙනස පිළිබඳ ධනාත්මක ව අදහස් පළ කළ බවත් පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද කිසිදු විරෝධයක් හෝ ගැටලුවක් ඔවුන් මතු නොකළ බවත්, මාධ්‍ය අමතමින් අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නා.

2026 වර්ෂයේ සිට සිදුකරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පදනම සකස් කරන බවත්, සියලුම අධ්‍යාපන බලධාරීන් එක් ව මේ වෙනස සාර්ථක කර ගැනීමට කැප විය යුතු බවත් ඇය අවසාන වශයෙන් අවධාරණය කර කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46
Video thumbnail
චතුරංග ජනතාවගෙන් සමාව ගයි - බලාපොරොත්තු වෙච්ච හැමදේම දෙන්න බැරිවුණාට සමාවෙන්න
05:33
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06