spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පරිගණක ක්‍රීඩාවක් ගැන කැනඩා අධිකරණයකින් විශේෂ තීරණයක්

පරිගණක ක්‍රීඩා නිර්මාණ ආයතනයට එරෙහිව දෙමාපියන් තිදෙනෙකු විසින් නඩු පැවරීමෙන් පුවතක් කැනඩාවෙන් වාර්තා වනවා.

තම දරුවන් පරිගණක ක්‍රීඩාවක් සඳහා ඇබ්බැහි වී ඇති බව පවසමින් අදාළ දෙමව්පියන් එම සමාගමට එරෙහිව මෙලෙස නඩු පැවරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව අදාළ නඩුව විභාග කිරිමට කැනේඩියානු අධිකරණයක් තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මෙම පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහිවීම හේතුවෙන් තමන් දරුවන් නිදාගැනීම, නිසි වේලාවට ආහාර ගැනීම සහ ස්නානය කිරීම පවා ප්‍රතික්ෂේප කරන බව දෙමව්පියන් විසින් ගොනුකළ නඩුවේ සඳහන්.

මේ අතර, අදාළ පරිගණක ක්‍රීඩා නිර්මාණ සමාගම අධිකරණය වෙත කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ පරිගණක ක්‍රීඩා සඳහා ඇබ්බැහිවීම පිළිගත් මානසික ආබාධයක් නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?