spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පරිගණක අපරාධවලින් ලෝකය කළඹා ලංකාවට පැන්න චීන්නුන්ගේ පැටිකිරිය

චීන ජාතිකයින් 40 කට ආසන්න පිරිසක් මෙරටදී අත්අඩංගුවට ගැනීමත් සමඟ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම සහ ඊ-වාණිජ්‍යය වංචා ඇතුළු සයිබර් අපරාධවලට චීන ජාතිකයාගේ සම්බන්ධය පිළිබඳ ශ්‍රී ලංකාව තුළ පවතින කනස්සල්ල වැඩිවෙමින් පවතිනවා.

සෑම වසරකම, විවිධ රටවලින් මිලියන ගණනක් පුද්ගලයන් අන්තර්ජාල වංචාවලට ගොදුරු වන අතර, එය මේ වන විට සයිබර් අවකාශයේ සිදුවන ප්‍රධානම වංචා විශේෂය බවටයි පත්ව ඇත්තේ.

පසුගිය සතියේ පොලිසිය අන්තර්ජාල මූල්‍ය වංචා සම්බන්ධයෙන් අලුත්ගමදී චීන ජාතිකයන් 39 දෙනකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ශ්‍රී ලංකාවද ඇතුළුව, විවිධ රටවල පුද්ගලයන්ගේ ගිණුම්වලින්, අන්තර්ජාලය හරහා මාස කිහිපයක් තිස්සේ මෙම චීන ජාතිකයන් විසින් මිලියන ගණනක මුදල් වංචා කර ඇති බව පොලිසිය පවසනවා.

මෙම පිරිස අලුත්ගම කළුඅමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක ලැගුම්ගෙන සිට ඇති අතර තානාපති කාර්යාල කිහිපයක් හරහා ලැබුණු පැමිණිලි මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් පිරිස අලූත්ගම පොලිසියට රැගෙන යන අතරතුර ඔවුන් සතුව තිබී ස්මාර්ට් ජංගම දුරකථන සහ අයිතිය තහවුරු කිරීමට නොහැකිවූ මුදල් ද පොලිස් භාරයට ගෙන ඇති අතර පිරිමින් 33 දෙනකු, කාන්තාවන් 05දෙනෙකු සහ කුඩා දරුවකු ද ඊට අය අයත්ව.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කළුතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඔවුන් මාස හයක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිට ඇති බව පොලිස් වාර්තා අනාවරණය කරයි. ප්‍රශ්න කිරීම්වලදී ඔවුන්ගෙන් ඇතැමෙක් පවසා ඇත්තේ, තම කැමැත්තට එරෙහිව තමන්ව ශ්‍රී ලංකාවේ රඳවාගෙන අන්තර්ජාල මූල්‍ය අපරාධවල නිරත වීමට බල කළ බවයි.

චීන ජාතිකයන් විසින් මෙරටදී සිදුකළ තවත් දැවැන්ත මූල්‍ය වංචාවක් මීට මාස කිහිපයකට පෙරද අනාවරණය කරගැනීමට පොලිසිය සමත්ව තිබිණි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී, ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බව පවසමින් අන්තර්ජාලය ඔස්සේ “SPORTS CHAIN“ නමින් චීන ජාතික යුවළක් විසින් කරගෙන ගිය පිරිමීඩාකාර මුදල් ජාවාරමට සම්බන්ධ තවත් චීන ජාතිකයින් දෙදෙනෙක් ඇතුළු 08 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ලෝකයේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින “ක්‍රිප්ටෝ කරන්සි“ ඒකකයක් ලෙස පෙන්වමින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරගෙන යන විමර්ශනයේදී හෙළිවී ඇත්තේ මෙය මහා පරිමාණයේ අන්තර්ජාල මූල්‍ය වංචාවක් බවය. මෘදුකාංගයක් ඔස්සේ ඉතා සංවිධානාත්මකව මෙම ජාවාරම 2020 වසරේ සිට කරගෙන ගොස් ඇත්තේ SPORTS CHAIN ZS COCIETY SRI LANKA නමින් සමාජ ජාලයක් පිහිටුවාගෙන ඉතා රහසිගතව බව ද විමර්ශනවලින් අනාරවණය වී ඇත.

මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව 2020 වසරේ සිට මේ දක්වා මෙම ජාවාරමට පුද්ගලයින් 8000ක් පමණ හසුවී ඇති බවත් රුපියල් කෝටි 1500කට අධික මූල්‍ය වංචාවක් මෙමඟින් සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කර ඇති විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම ජාවාරම මෙරට තුළ ක්‍රියාත්මක කර ඇතැයි හෙළිවී ඇත්තේ මෙරට විවිධ ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් මුදල් ආයෝජනය කරන චීන ජාතික ව්‍යාපාරිකයකුගේ පුතෙකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කර ගෙන ඇත.

එම ව්‍යාපාරිකයාගේ පුතා වන චීන ජාතිකයාත් ඔහුගේ චීන ජාතික පෙම්වතියත් පසුගිය ඔක්තෝම්බර් 12 වෙනිදා මලයාසියාව බලා පලායාමට සූදානම් වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන් තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ගත්තේය. ඊට අමතරව මෙම ජාවාරමට සම්බන්ධ මෙරට නියෝජිතයන් 07 දෙනකුට විදෙස් ගමන් තහනමක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හරහා ලබාගත්තේය.

මෙහි සඳහන් කළ පළමු සිදුවීමේදී, පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම, දේශසීමා හරහා සිදුකෙරෙන සූදුව, ඊ-වාණිජ්‍ය වංචා, ආදර වංචා සහ තර්ජනාත්මක ක්‍රියාකාරකම් ආදී සයිබර් අපරාධ අසල්වැසි රටවල සිදු කරන බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු ඇඟවීමෙන් මාසයකට පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. විදේශීය පුවත් සේවා අනාවරණය කරන ආකාරයට, සූදුව, මුදල් විශුද්ධිකරණය, කාමුක දර්ශන සහ වෙනත් සයිබර් අපරාධවලට එරෙහිව චීනය මෑතකදී නීති වෙනස් කිරීම හේතුවෙන් මෙලෙස රටින් පිටත, විශේෂයෙන් චීනයේ අසල්වැසි මියන්මාරයේ, කාම්බෝජයේ, පිලිපීනයේ, මැලේසියාවේ, සිංගප්පූරුවේ සහ තායිලන්තයේ එවැනි අපරාධ සැළකිව යුතු ලෙස වැඩි වීමට හේතු වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ සිදු වූ අත්අඩංගුවට ගැනීම, සතියක් ඇතුළත අන්තර්ජාලය හරහා වංචා කිරීම සම්බන්ධයෙන්, වෙනත් රටකින් චීන ජාතිකයන් අත්අඩංගුවට ගත් දෙවැනි සිදුවීමයි. නේපාල පොලිසිය විසින් එම සතියේ අඟහරුවාදා අන්තර්ජාලය ඔස්සේ වංචා කිරීමට සම්බන්ධ වූ චීන ජාතිකයින් නවදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන්ට අදාළ වංචනික ව්‍යාපාරයට උදව් කළ බව කියන නේපාල ජාතිකයන් 10 දෙනකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ද කත්මන්ඩු පෝස්ට් වාර්තා කර ඇත.

සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකාව තුළ සිදුකරන බව කියන වංචාවන් සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් වන ලෙස බලධාරීන් මීට ශ්‍රී ලාංකිකයන්ට අනතුරු අඟවා ඇත. ශ්‍රී ලංකා පොලිසියට අනුව, සාම්ප්‍රදායික අපරාධ විසඳීමේ මෙවලම්වලට අභියෝග කරමින් වසර ගණනාවක් පුරා තාක්‍ෂණයේ දියුණුව සමග ඉදිරියට පැමිණ ඇති සයිබර් අපරාධ ඔවුන් මුහුණදෙන නවතම අභියෝගය වේ.

අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන අපරාධ මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සෘජුවම පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයක් පිහිටුවා ඇත. සයිබර් අපරාධ විසඳීම සඳහා, එම පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය, සියලුම පිළිගත් සමාජ මාධ්‍ය වේදිකා සහ ඔවුන්ගේ අපරාධ විසඳීමේ ක්‍රියාවලීන් ජාල සමග සමඟ සෘජු සම්බන්ධතා පවත්වයි.

සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකාව තුළ සිදුකරන බව කියන වංචාවන් සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් වන ලෙස බලධාරීන් මීට ශ්‍රී ලාංකිකයන්ට අනතුරු අඟවා ඇත. ශ්‍රී ලංකා පොලිසියට අනුව, සාම්ප්‍රදායික අපරාධ විසඳීමේ මෙවලම්වලට අභියෝග කරමින් වසර ගණනාවක් පුරා තාක්‍ෂණයේ දියුණුව සමග ඉදිරියට පැමිණ ඇති සයිබර් අපරාධ ඔවුන් මුහුණදෙන නවතම අභියෝගය වේ.

අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන අපරාධ මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සෘජුවම පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයක් පිහිටුවා ඇත. සයිබර් අපරාධ විසඳීම සඳහා, එම පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය, සියලුම පිළිගත් සමාජ මාධ්‍ය වේදිකා සහ ඔවුන්ගේ අපරාධ විසඳීමේ ක්‍රියාවලීන් ජාල සමග සමඟ සෘජු සම්බන්ධතා පවත්වයි.

කොවිඩ්-19 වසංගතයට පෙර, දිවයින පුරා චීනයෙන් අරමුදල් සපයන සංවර්ධන ව්‍යාපෘතිවල චීන ජාතිකයන් දහස් ගණනක් සේවයේ යෙදී සිටියදී, චීන ජාතිකයින් සම්බන්ධ අන්තර්ජාල වංචා සිදුවීම් ගණනාවක් රටේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා විය. එම සිදුවීම්වලට සම්බන්ධ ඇතැම් පුද්ගලයන් මෙරට රැඳීසිටියේ සංචාරක ව්‍යාපාරට සම්බන්ධ වෘත්තිකයන් හෝ අවන්හල් සහ හෝටල් පවත්වාගෙන යන්නන් ලෙසිනි.

කෙසේවෙතත්, විශේෂයෙන් මෙලෙස චීන ජාතිකයන් විසින් මෙරටදී සිදුකරන මූල්‍ය වංචාවන් හෝ වෙනත් අපරාධමය ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකරන විමර්ශන එතරම් දුර රැගෙන යන බව පෙනෙන්නට නැත. විශේෂයන් මෙවැනි අත්අඩංගුවට ගැනීම්වලින් අනතුරුව අදාළ සැකකරුවන්ට එරෙහිව නඩු අසා දඬුවම් පැමිණවීමක් අසන්නට ලැබී නැත. ඊට හේතුව ආර්ථිකමය වශයෙන් චීනය විසින් ශ්‍රී ලංකාවට සිදුකරන විශාල බලපෑමයි.

එම බලපෑම හේතුවෙන්, අපරාධ සඳහා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙන චීන ජාතිකයෝ,පසුව ඇප ලබා, නඩු විභාගයකින් තොරවම බොහෝවිට රටින් පිටවයනු දැකගත හැකිය. මේ නිසා, බලපෑම්වලට යටත් නොවී, තෝරාගැනීමක් නොමැතිව මෙරටදී සිදුකෙරෙන අපරාධ වෙනුවෙන් ඕනෑම පුද්ගලයකුට එරෙහිව දඬුවම් ලබාදීමේ යාන්ත්‍රණය ඉදිරියේදී අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය. එසේ නොමැති වුවහොත්, පෝර්ට් සිටි වැනි බොහෝ අනාගත චීන ආයෝජන ආශ්‍රිතව, චීන කොලනි සහ ඒවා හරහා මහා පරිමාණ අක්‍රමිකතාවන් සිදුවීම වැළක්විය නොහැකි වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?