පරාජය භාර ගන්න සුදානම් වෙන්න – යෝහානි

” පරාජය භාර ගන්න සූදානම් වන්න . එතැනින් ඉදිරියට යන්න පුළුවන්.” යැයි ජාත්‍යන්තරව ප්‍රසාදයට පත්ව සිටින ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා මෙනෙවිය අද සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියාය .

ශ්‍රී ලංකාව තුළ ඇය විසින් පැවැත්වූ පළමු වැනි ප්‍රවෘත්ති සාකච්ඡාව මෙය වූ අතර , එය ” ජාත්‍යන්තර රසිකත්වයේ ආදරණීය ශ්‍රී ලාංකීය මියුරු මියැසිය – යොහානි ද සිල්වා ” යනුවෙන් නම් කර තිබුණි .

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව ” දිනවමු මව්බිම පදනම ” විසින් සංවිධානය කර තිබූ අතර , එය මීගමුව , පමුණුගම , ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් රෙස්ටුරන්ට් හී දී පැවැත්වුනි .

මෙහිදී අදහස් දැක්වූ ගායිකා යොහානි ද සිල්වා මෙසේ පැවසුවාය .

මගේ ජනප්‍රියත්වය මාස දෙකක් , තුනක් තුළ හදිසියේම ඇති වූ දෙයක් . ඒ ජනප්‍රියත්වය මොන විදියට ද සිදු වුණේ කියල , මමත් තවම දන්නෙ නෑ .

මේ සියල්ලට මගේ ” ලුණු ” නැමැති සංගීත කණ්ඩායමෙන් සහයෝගය ලැබුණා .

මම 2019 වසරේ දී ගණකාධිකරණය විෂයෙන් පශ්චාත් උපාධිය හදාරලා , ලංකාවට ආවා . එහිදී මට තෝරා ගැනීම් දෙකක් කරන්න සිද්ධ වුණා . එකක් ඕස්ට්‍රේලියාවේම පදිංචි වෙලා ගණකාධිකාරීවරියක් වීම . අනෙක ශ්‍රී ලංකාවට ඇවිත් සංගීත ක්ෂේත්‍රයට පිවිසීම .

මෙම ලංකාවට ආව . ඇවිත් සංගීතය මුල ඉදලා ඉගෙන ගත්තා .

මගේ මාපියන් මට ඒ සදහා ලොකු සහයෝගයක් ලබා දුන්නා .

මට දැනට රටවල් ගනනාවකින් ජාත්‍යන්තර සංගීත ප්‍රසංග සදහා ආරාධනා ලැබිල තියෙනවා . මේ අවුරුද්දෙ දෙසැම්බර් වීමට පෙර ඩුබායි සහ ඕමානයේ සංගීත ප්‍රසංග සදහා යා යුතු වෙනවා . එසේම ඇමෙරිකාවේ , එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා රටවල් ගනනාවක ද , ඉදිරි වසර තුළ ප්‍රසංග සදහා ආරාධනා ලැබිල තියෙනවා . යැයි ද පැවසුවාය .

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව ඇයගේ ජනප්‍රියතම ” මැණිකේ මගේ හිතේ ” ගීතය සහ තවත් ඉංශ්‍රීසි ගීතය කොටසක් ද ගායනා කළා.

  1. ඉක්මන් කොටයි කියල කතාවක් තියෙනවා; එවාගෙම ඔය ඉක්මනින් නැග්ගා වාගෙම ඉක්මනින් බහින්නත් වෙනවා නොඅනුමානය ; යොහානිට තියෙන්නෙ ඇයගෙ යෝනිය බෙරා ගෙන කටයුතු කිරීමයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42