පරාජයේ වේදනාවෙන් දිනකට මිදුණු කොදෙව්වෝ ලද අස්වැසිල්ල

තරග 05කින් සමන්විත එංගලන්ත – කොදෙව් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ජය ගන්නට කොදෙව් කණ්ඩායම ඊයේ (16) සමත් වුණා.

Gros Islet හි දී පැවැත්වුණු දෙරට අතර තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමු ව පන්දුවට පහරදීමට එංගලන්තයට ඇරයුම් කළා.

ඇරයුම පිළිගත් එංගලන්තය සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී දැවැන්ත ලකුණු 218ක් නිර්මාණය කළේ කොදෙව්වන්ට එය දැවැන්ත අභියෝගයක් බවට පත් කරමින්.

එංගලන්තයෙන් ලද ඉලක්කය පිළිගත් කොදෙව්වන් සිය පන්දුවාර 20 අවසන් වීමටත් පෙර තරගය ජයගත්තේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 221ක් ලබා ගනිමින්.

විශිෂ්ට ඉනිමක් දියත් කළ කොදෙව් එවින් ලුවිස් ලකුණු 68ක් සහ පන්දු 24ක දී වේගවත් ලකුණු 54ක් රැස් කළා.

නායක පවල් ලකුණු 38ක් සහ රදර්ෆර්ඩ් නොදැවී ලකුණු 29ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී එංගලන්තය වෙනුවෙන් රෙහාන් අහමඩ් කඩුලු 03ක් සහ ජෝන් ටර්නර් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය වේගවත් ලකුණු 54ක් ලබාගත් ශායි හෝප් විසින් දිනාගත්තා.

දෙරට අතර පැවැත්වෙන අවසන් පන්දුවාර 20 තරගය හෙට (18) පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39