spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ල විවෘත කරයි

ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම අඩිය බැගින් විවෘත කිරීමට කටයුතු කළ බවයි පොළොන්නරුව කලාපය භාර වාරිමාර්ග කාර්යාලය සඳහන් කළේ.

මේ අනුව පරාක්‍රම සමුද්‍රයෙන් තත්පරයට ඝන අඩි 1400ක ජල ප්‍රමාණයක් අඹන්ගඟ ඔස්සේ මහවැලි ගඟට මුදා හැරෙනවා.

මේ හේතුවෙන් මහවැලි ගඟ අවට පහත් බිම්වල ජීවත් වන ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙස පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙනවා.

https://youtu.be/SpRQSmqgpKg
vlcsnap 2023 02 05 14h16m51s643
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?