ප්‍රබල භූ චලනයක්

අමෙරිකා එක්සත් ජනපද ප්‍රධාන භූමියෙන් වෙන්ව ඇති ප්‍රාන්තයක්වන ඇලස්කාවෙහි ප්‍රබල භූ චලනයක් හටගෙන ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරනවා.

මෙය එම ප්‍රාන්තයේ මුහුදුබඩ පෙදෙසකට බලපා ඇති බව සඳහන්.

එමෙන්ම ඇලස්කාවෙහි ප්‍රධානතම ධීවර වරායක් මෙම ප්‍රදේශයෙහි පිහිටා ඇති බව ද වාර්තා වනවා.

භූ චලනය හටගෙන ඇත්තේ එරට වේලාවෙන් පස්වරු 8.17ට යි.

යුනලස්කා නගරයට කිලෝමීටර 74ක් දුරින් පිහිටි ස්ථානයක කිලෝමීටර 03ක් පමණ පොළව අභ්‍යන්තරයේ, මෙම භූ චලනයේ අපි කේන්ද්‍රය පිහිටා ඇති බව යි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණායතනය පවසන්නේ.

එහි ප්‍රබලත්වය මැග්නිට්‍යුඩ් 6.3ක් ලෙස සටහන් වී තිබෙනවා.

භූ චලනයෙන් සිදුව ඇති ජීවිත හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

එමෙන්ම මෙම චලනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන නොමැති බව යි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57