“පරදින විට ලැජ්ජාවක් සහ ආත්මාභිමානයක් තිබිය යුතුයි” – ධම්මිකගෙන් සැර කනේ පහරක්

පාකිස්ථාන සමඟ පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අමිහිරි පරාජයකට මුහුණදීමට සිදුවුණා.

ශ්‍රී ලංකාව පරාජය කරමින් පාකිස්ථානය මෙම තරගය ජයගත්තේ ඉනිමකින් සහ ලකුණු 222කින්.

පාකිස්ථානය ලැබූ මෙම දැවැන්ත ජයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පුරන ජයක් ලැබීමට ඔවුනට හැකියාව ලැබුණා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වීමත් සමඟ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සිය ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම අතීතයේ දී ලැබූ අමතක නොවන ජයග්‍රහණයන් කිහිපයක ඡායාරූප කිහිපයක් එක්කරමින් ධම්මික මෙම සටහන ඔහුගේ ෆේස්බුක් ගිණුමට එකකට තිබූ ආකාරයයි දැකගත හැකි වුණේ

ඔහු එහි ආරම්භයේ දී සඳහන් කර තිබුණේ, ක්‍රීඩාව අනාගතයේ මතු පරම්පරාවන් වෙනුවෙන් රැකගැනීමේ අදිටනින් මෙම සටහන තබන බවයි.

ධම්මික ප්‍රසාද් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්..

“ටෙස්ට් තරග දෙකක් මව් බිම තුලදීම අප පරාජය පත්වී ටෙස්ට් තරගාවලියක්ද පරාජයට පත්වී ඇති පසුබිමක මෙසේ ලියනුයේ මේ ක්‍රීඩාව අනාගතයේ මතු පරම්පරාවන් වෙනුවෙන් රැක ගැනීමේ අදිටනෙනි.
ජය පරාජය මෙහි ස්‌වභාවය වේ, නමුත් ?????
ක්‍රීඩකයන් හිතා මතා පරදින්නේ නැත, ඔවුන් පැරදුන විට එම දුක ඔවුනටද දැනේ, නමුත් යම් තැනක දෙයක් අපට වැරදී ඇත, එය සොයා එයට පිළියම් යොදන තාක්කල් අපට කණ්ඩායමක් ලෙස consistently ( ස්ථිර) ලෙසම දස්කම් සහ ජග්‍රහණය සොයා යා නොහැක.
වෘත්තීය ක්‍රීඩකයන් ලෙස ක්‍රීඩා කරන විට හැම විටම මුලිකත්වය දිය යුත්තේ තමන් කරන ක්‍රීඩාව වෙනුවෙනි, ඒ සදහා කල යුතු කැප කිරීම් බොහොමයකි. දිනුම පැරදුම මේ ක්‍රීඩාවේ සොබහාවය වේ, නමුත් පරාජයට පත්වුවත් එය අන්තිම මොහොත වෙනතෙක් සටන් කර පරාජයට පත් වුවහොත් එය දරා ගත හැක. නමුත් සටනක් නොදී පරදින විට හැමටම ඇත්තේ දුකකි. පරදින විට ලැජ්ජාවක් සහ ආත්මාභිමානයක් තිබිය යුතුය, එසේ වුවහොත් අප පරාජයට වඩා ජයග්‍රණය වෙනුවෙන් වෙහෙසෙනු ඇත.
සමහර ක්‍රීඩකයන් ෆේල්ය. සුපුරුදු දස්කම් අතර නොසිටී. නමුත් මෙය පුහුකරුවන් සහ නොයෙකුත් පාර්ශවයන් පිලි ගැනීමට අකමැතිය. මමද පුද්ගලිකවම ක්‍රීඩකයන් වෙනුවෙන් සිට ගත් අවස්ථා අප්‍රමාණය. පිතිකරුවෙක් හෝ පිතිකරුවන්, පන්දු යවන්නෙක් හෝ යවන්නන් ෆේල් නම්, හොදට කරන්නේ නැතිනම්, එසේනම් කල යුත්තේ ඔහුගේ රිද්මය සොයා ගැනීමට දේශීය තරග වලට යොමු කර සුපුරුදු රිද්මයට පැමිණි පසු නැවත කණ්ඩායමට එක් කර ගැනීමය. ක්‍රීඩකයෙක් ෆේල් නම් ඔහුව විනාශ නොකර ඔහුව හරි ලෙස කළමනාකරණය කර ඔහුව සුපුරුදු රිද්මයට ගෙන ඒම දහස් ගණනින් පඩි ගන්නා පුහුකරු මහත්වරුන්ගේ වගකීම වේ.
පිතිකරුවන්, පන්දු යවන්නන් ෆේල් වන විට එහි වගකීම පුහුණුකරුවන්ද බාර ගත යුතුය ඔවුන්ට මොහු හොදට කරන්නේ නෑ, කියනදේ අහන්නේ නෑ යන්න මාද්‍ය ඉදිරියට පැමිණ කියනවාට වඩා කල යුතු ලොකු වැඩ කොටසක් ඇත. පුහුකරුවකු යන්න ක්‍රීඩකයකු වැටුන විට ගොඩ ඒමට අත දෙන කෙනා මිස පයින් ගසා දමන කෙනකු නොවේ.
කට මැද දොඩන පරිපාලනයක් සහ පරිපාලකයන් සිටින අපට මේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගත යුතු ආකාරය සහ එය දියුණු කල හැකි ආකාරය ගැන අවබෝදය මද බව මේදිනවල වන සමහර සිද්දීන්ගෙන් තේරුම් යයි.
පිල් බෙදී කරන ක්‍රීඩාවක් කිරීමට පරිපාලකයන් සහ ඔවුන්ගේ ධුර කාල වල සිටින තේරුම් කමිටු සාමාජිකයන්ද උත්සහා නොගත යුතුය, එසේ වුවහොත් වනුයේ එක එකාට පන්දුව පාස් කර කර සිටීම පමණි. එසේ වන විට පහලට යන්නේ අපේ ක්‍රිකට්ය. පුද්ගලික කොන්තර මෙයට අදාල කර ගත යුතුද නැත, විවේචන කිරීම්ද අවශ්‍ය නැත. අවශ්‍ය වනුයේ අපේ මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහල නැංවීමට කල හැකි හොදම දේ කිරීම පමණකි.
පරිපාලකයා සහ ක්‍රීඩකයා තේරුම් ගත යුතු එකම දෙයක් ඇත. එනම් ප්‍රේක්ෂකයා නිසා මේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයාගේ ජනප්‍රියත්වය රැකී ඇති බව සහ එම ක්‍රීඩකයන් නිසා ඔය සිටින පරිපාලන මහත්වරුන් අද ඔතන සිටින බව සහ ප්‍රේක්ෂකයා මේ තරග නැරබීම අත්හළහොත් සිදුවන්නේ කුමක්ද කියාය?
එමනිසා අපේ දස්කම් වලින් අප ක්‍රීඩා කලත් අප නියෝජනය කරන්නේ මිලියන 23 වන ශ්‍රී ලාංකිකයන් වේ. ප්‍රේක්ෂකයාට ගුණ ප්‍රසස්ති ගැයීමටත්, විවේචනය කිරීමටත් අයිතියක් ඇත. එවිට හැම දෙයකටම මුහුණ දීමට ක්‍රීඩකයා ශක්තිමත් විය යුතුය. තේරුම් ගත යුතු එකම කරුණ වනුයේ ඔවුන් එසේ කරනුයේ මේ ක්‍රීඩාවට ඇති මහත්වු ඇල්ම නිසාවෙනි.
ක්‍රිකට් ආයතනය පුද්ගලීක ආයතනක් බව සැබෑවකි, රජයෙන් නඩත්තු නොවන බවද සැබෑවකි, නමුත් ක්‍රීඩකයන් සහ ආයතනය නියෝජනය කරනුයේ ශ්‍රී ලංකාව බව පරිපාලකයන් අමතක නොකළ යුතු කාරනාවකි. එබැවින් අප ක්‍රීඩා කරනුයේ ශ්‍රී ලංකා ධජය යටතේය. ක්‍රීඩකයන් , පරිපාලකයන් කලින් කල වෙනස් වේ, ඔවුන් වෙනස් වුවා කියා මේ ක්‍රීඩාව නවතින්නේ නැත, එසේනම් කල යුත්තේ ක්‍රීඩා කරන කාලයේ, ධුරයන් හොබවන කාලයේ මතක හිටින විදිහට වැඩක් කර නම තබා යෑමය. මන්ද කිසිම කෙනෙකු මේ ක්‍රිකට් ක්‍රීඩාවට වඩා ලොකු නැත. එසේනම් මේ ක්‍රීඩාවට හරි දේ කොට තෘප්‍තිමත්ව තම ධුර කාලය නිමා කොට සැබෑ මහත්වරුන් ලෙස නික්ම යාමට සිතට ගත යුතුය.
මන්ද ක්‍රිකට් යනු ක්‍රීඩක අපගේත්, පරිපාලනය අද සිටින ඔබලගේත් බුදලයක් නොව මෙය මුලුමහත්වූ ශ්‍රී ලංකික මිලියන 23ක් වූ ජනයාට අයිති සහ නිල වශයෙන් ජාතික ක්‍රීඩාව නොවුවත්, නිල නොවන ජාතික ක්‍රීඩාව ක්‍රිකට් වන බැවිනි.
එය රැක ගැනීමට ක්‍රීඩක අපගේත්, පරිපාලනයේ සිටින ඔබේත්, ප්‍රේක්ෂක ඔබේත් වගකීම වේ.”

  1. DEAR DAMMIKA, WHATEVER YOU SAID IS TRUE. BUT WHAT ELSE TEAM NEED FROM SLC OR STAFF? SPEND HELL OF A LOT OF MONEY FOR EVERYTHING. GIVE ANYTHING THEY ASK, MAY EVEN PLAY GIRLS, ACRESSES SO ON AND SO FORTH. PLAYERS SPEND WHOLE NIGHT IN CLUBS,CASINOS, BARS AND SPEND NIGHTS WITH WOMEN. THEY DO ANY THING AND EVERY THING EXCEPT THE THING THEY GO THERE, IS PLAYING GOOD CRICKET AND WIN THE TEAM AND COUNTRY. IF A PLAYER SPEND WHOLE NIGHT WITHOUT SPEEP AND HAVING DRUNK, DOES ANYONE THINK HE CAN PLAY GOOD CRICKET NEXT DAY MORNING? MADNESS. THE DECIPLINES, RESPONSIBILITY AND DUTY COMES FIRST. PLAYERS THEMSELVES GET TOGETHER AND FIND SOLUTION FOR SAME. THEY ARE NOT BABIES, ALL11 MEMBERS ARE THE SPIRIT CAME FROM THE 22 MILLION OF PEOPLE IN SRI LANKA. THEY MUST HAVE PAIN HOW THY ARE IMPORTANT OVER 22.2 MILLION PEOPLE. NOTHING ELSE

  2. මොකුත් ඕන නැහැ. මේ සියලු දෙනාම ashes tour එකේ තරඟ ටික බලන්නකෝ. ලෝකයේ ක්‍රිකට් තියෙන තැන එතකොට තේරුම් ගන්න පුලුවන් .

  3. ඔබ හරි .දක්ෂ ක්‍රීඩකයින්ට මෙහෙම වෙන්න හේතුව කුමක්ද යන්න අවබෝධ කරගත හැකි පුහුකරුවන් හා පරිපාලකයන් අපට සිටිය යුතුයී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49