spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පනාමුරේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

පනාමුර ඕමල්පේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

අද පෙරවරුවේ තම දරුවා පාසලට ඇරලවා යළි පැමිණෙමින් සිටියදී ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් හෙළිවී නැහැ.

මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙන තෙක් සිරුර එම ස්ථානයේ තබා ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මියගොස් ඇත්තේ ඕමල්පේ ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?