පනාගොඩ කඳවුරෙන් අතුරුදන් වූ ගිනි අවිය සහ උණ්ඩ හමුවෙයි – හමුදා සැරයන්වරයෙකුත් අත්අඩංගුවට

පනාගොඩ යුද හමුදා කඳවුරෙන් ගිනි අවියක් සහ මැගසින් 3ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා සැරයන්වරයෙකු සහ හිටපු යුද හමුදා සෙබළෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 3 වනදායි ආරක්ෂක කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබළෙකු හට නිකුත් කර තිබූ මෙම අවිය සහ පතුරම් 90ක් අඩංගු මැගසින 3 සොරකම් කර තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

එම විමර්ශනයට අනුව ඊයේ උදෑසන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම මාගම්මන ප්‍රදේශයේ පිහිටි සුසාන භූමිය ආසන්නයේදීයි.

හිටපු යුද හමුදා සෙබළා විසින් ගිනි අවිය සහ උණ්ඩ සොරකම් කර ඇති අතර එම ගිනි අවිය සන්තකයේ තබාගෙන සඟවා තැබීමට අනුබල දීම සම්බන්ධයෙන් යුද හමුදා සැරයන්වරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සොරකම් කළ ගිනි අවිය සහ පතුරම් 90 අඩංගු මැගසින 3 ද සොයාගෙන තිබෙනවා.

හිටපු යුද හමුදා සෙබළා අවුරුදු 30ක් වයසැති පුද්ගලයෙක් වන අතර ඔහු මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

36 හැවිරිදි සැරයන්වරයා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14