පන් කෝටිය ඉක්ම වූ විස්කි බෝතල් 673 ගෙනා මගියා සොයා විමර්ශන

රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා විස්කි බෝතල් 673ක් සහ ඉන්දියාවේ නිෂ්පාදිත කරදමුංගු කිලෝග්‍රෑම් 75ක්, කටුනායක ගුවන් තොටුපොළ පළමු මහළේ, තීරු බදු රහිත සාප්පු සංකීර්ණ පරිශ්‍රයේ අතහැර දමා ගොස් තිබිය දී අද (13) දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් සොයා ගනු ලැබුවා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ, මෙම විස්කි සහ කරදමුංගු තොගය කුමන ගුවන් යානයක පැමිණි ගුවන් මගියෙකු විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එන්නට ඇති දැයි සොයා රේගු නිලධාරීන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.

මෙම විස්කි සහ කරදමුංගු තොගය දමා ගොස් තිබූ ගුවන් තොටුපොළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ, සාප්පුවල සේවකයින්ගෙන් ප්‍රශ්න කරමින් සහ ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කරමින් මේවායේ හිමිකරුවන් අනාවරණය කර ගැනීමට රේගු නිලධාරීන් ප්‍රයත්න දරමින් සිටින බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14