spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පන්සලට කඩා වැදුන මත් ලෝලියෙක් පිහියක් ඇතැතිව හිමිනමක් පස්සේ ලුහුබඳියි

කොට්ටුකච්චිය කච්චිමඩුව ශ්‍රී ගුණානන්ද විහාරස්ථානයට කඩා වැදුණු මත් කුඩුවලට ඇබ්බැහිවූ පුද්ගලයෙක් එහි වැඩවසන භික්ෂුන් වහන්සේ නමක් පසුපස හඹා ගිය පුවතක් ඊයේ පොහෝදින වාර්තා වුණා.

අදාල සැකකරු පිහියක් ද රැගෙන එකවර විහාරස්ථානයට කඩා වැදි ඇති බවත් ඒ වන විටත් විහාරස්ථානයෙ වැඩ වාසය කරනු ලබන හිමිනම බක් පොහෝ දින ආගමික කටයුතු වල නිරතවෙමින් සිට ඇති බවත් සදහන්.

අනතුරුව පිහිය රැගත් පුද්ගලයා ඇතුන්ගොඩ රතනානන්ද හිමියන් වෙත කඩා වැදි පිහියෙන් පහර දීමට උත්සහ කර ඇති අතර හිමිනම සැකකරුගෙන් බේරීමට විරස්ථානයෙන් පැන වෙල් පිටි පුරා දුවගිය බවත් එහිදී උන් වහන්සේ නියර මත ඇද වැටි ඇති බවත් සිද්දිය දුටුවන් පවසයි.

කෙසේ වෙතත් විහාරස්ථානයේ ඒ වන විට රැදි සිටි පිරිස් හිමියන් බේරා ගැනිමට කටයුතු කර ඇති අතර පසුව රාත්‍රියේම ආණමඩුව පොලිසිය පැමිණ අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති අතර
ඔහු අද (6)ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?