පන්සලට කඩා වැදුන මත් ලෝලියෙක් පිහියක් ඇතැතිව හිමිනමක් පස්සේ ලුහුබඳියි

කොට්ටුකච්චිය කච්චිමඩුව ශ්‍රී ගුණානන්ද විහාරස්ථානයට කඩා වැදුණු මත් කුඩුවලට ඇබ්බැහිවූ පුද්ගලයෙක් එහි වැඩවසන භික්ෂුන් වහන්සේ නමක් පසුපස හඹා ගිය පුවතක් ඊයේ පොහෝදින වාර්තා වුණා.

අදාල සැකකරු පිහියක් ද රැගෙන එකවර විහාරස්ථානයට කඩා වැදි ඇති බවත් ඒ වන විටත් විහාරස්ථානයෙ වැඩ වාසය කරනු ලබන හිමිනම බක් පොහෝ දින ආගමික කටයුතු වල නිරතවෙමින් සිට ඇති බවත් සදහන්.

අනතුරුව පිහිය රැගත් පුද්ගලයා ඇතුන්ගොඩ රතනානන්ද හිමියන් වෙත කඩා වැදි පිහියෙන් පහර දීමට උත්සහ කර ඇති අතර හිමිනම සැකකරුගෙන් බේරීමට විරස්ථානයෙන් පැන වෙල් පිටි පුරා දුවගිය බවත් එහිදී උන් වහන්සේ නියර මත ඇද වැටි ඇති බවත් සිද්දිය දුටුවන් පවසයි.

කෙසේ වෙතත් විහාරස්ථානයේ ඒ වන විට රැදි සිටි පිරිස් හිමියන් බේරා ගැනිමට කටයුතු කර ඇති අතර පසුව රාත්‍රියේම ආණමඩුව පොලිසිය පැමිණ අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති අතර
ඔහු අද (6)ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32