පන්නල ගෑස් කාන්දුවකින් ගින්නක්,ජීවිත 3000ක් අහිමි වෙයි

කුරුණෑගල, පන්නල පල්ලේගම කුකුළු සත්ත්ව ගොවිපොළක ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් ඇතිවූ ගින්නකින් කුකුළන් 3,000ක් පමණ පිළිස්සි මියගොස් ඇතැයි, පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ, අද අලුයම 3 .00ට පමණයි.

පල්ලේගම එලිවිච්චිය ප්‍රදේශයේ සත්ත්ව ගොවිපෙ අක්කර 17 කින් සමන්විත වන අතර ගෑස් සිලින්ඩර තුනක් භාවිත කරමින් ගොවිපොළේ කුකුල් පැටවුන්ගේ උෂ්ණත්වය පාලනය කර ඇත.

අද අලුයම පුපුරා ගොස් ඇත්තේ, ඒ  සඳහා භාවිත කළ එක් සිලින්ඩරයකි.

මේ අතර පසුගිය 11 වනදා ද දිවුලපිටිය, වරාගල ප්‍රදේශයේ පෞද්ගලික කුකුළු ගොවිපොළක ගින්නක් හට ගෙන තිබූ අතර ඉන් කුකුළන් විශාල සංඛ්‍යාවක් මියගියේ ය.