පන්දුවාර 20 ක්‍රිකට් වාර්තා පොත අලුත් කළ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස්

පන්දුවාර 20 ක්‍රිකට් වාර්තා පොත අලුත් කළ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අද සමත්වුණා.ඒ පන්දුවාර 20 තරඟයක අඩුම ලකුණු සංඛ්‍යාව ලබාගනිමින්.

ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් සහ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් තරඟ අද (16) පැවැත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20 දී කඩුලු 9ක් දැවී ලකුණු 139ක් රැස්කළේය.

නමුත් ඊට පිළිතුරු ලෙස සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම රැස්කළේ ලකුණු 15ක් පමණි.

එය බිග් බෑෂ් තරඟාවලියක කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක්විය.

එය පන්දුවාර 20 තරඟයක කෙටිම ඉනිම ලෙසද ලෝක වාර්තාවක් තැබීය.

සිඩ්නි පිතිකරුවන් පන්දු ඕවර 5යි පන්දු 5 කදී සියලුදෙනා දැවී ගියා.ඔවුන්ගේ ඉනිමට එක 4 පහරක් පමණක් ඇතුලත් වුණා.