පන්ජාබ්වරුන් ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ දෙවැනි තැනට – මුම්බායි හා රාජස්ථාන්වරුන් අද පිටියට

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඊයේ (30) රාත්‍රියේ පැවති තරගයෙන් කඩුලු 04ක විශිෂ්ට ජයක් ලැබීමට පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ ප්‍රතිවාදී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම චෙන්නායි නුවර දී පරාජයට පත් කරමින්.

පළමු ව පන්දුවට පහර දුන් චෙන්නායිවරුන් සියලු දෙනා දැවී ලකුණු 190ක් රැස් කළා.

සෑම් කරන් ලකුණු 88ක් සහ ඩෙවල්ඩ් බ්‍රවිස් ලකුණු 32ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී යුස්වේන්ද්‍ර චහල් කඩුලු 04කට වග කියූ අතර කඩුලු දෙක බැගින් අර්ෂඩීප් සහ මාර්කෝ ජැන්සන් විසින් බිඳ හෙලනු ලැබුවා.

ඔමර්සායි සහ හර්ෂ්ප්‍රීට් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 191ක ඉලක්කයක් හඹා ගිය පන්ජාබ්වරුන් කඩුලු 06ක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක ශ්‍රියාර්ස් අයියර් ලකුණු 72ක් ලබා ගත්තා.

ප්‍රභ්සිම්‍රන් සින්ග් ලකුණු 54ක් සහ ප්‍රියාෂ් අයියර් සහ ශශංක් සින්ග් ලකුණු 23 බැගින් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී මතීෂ පතිරණ හා කලීල් අහමඩ් කඩුලු දෙක බැගින් සහ එක් කඩුල්ල බැගින් රවීන්ද්‍ර ජඩේජා සහ නූර් අහමඩ් විසින් බිඳ හෙලුවා.

තරගයේ වීරයා ශ්‍රියාර්ස් අයියර්.

ඒ අනුව මෙම තරගය ජය ගත් පන්ජාබ් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පැමිණියා.

මේ අතර මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර පැවැත්වෙන තරගය අද (01) රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40