පන්ජාබ්වරුන්ගෙන් දැවැන්ත ලකුණු 244ක ඉලක්කයක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම දැවැන්ත ලකුණු 243ක පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ටයිටන්ස් කණ්ඩායම පළමු ව පන්දු යැවීමට තීරණය කළ අතර එහිදී පිතිකරණයට පිටියට පිවිසි පන්ජාබ්වරුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 243ක් ලබා ගත්තා.

මුල් භාගයේ දී මන්දගාමී පිතිහරඹයක් දියත් කළ පන්ජාබ්වරුන්ගේ නැංගූරම බවට පත් වෙමින් නායක ශ්‍රියාර්ස් අයියර් නොදැවී පන්දු 42කදී ලකුණු 97ක් රැස් කළේ හයේ පහර 09ක් සහ හතරේ පහර 05ක් සමගින්.

ප්‍රියන්ශ් ආර්‍යා ලකුණු 47ක් සහ ශාශන්ක් සින්ග් පන්දු 16ක දී නොදැවුණු ලකුණු 44ක් ලබාගත්තා.

කඩුලු බිඳ හෙලීමේ දී ශායි කිෂෝරේ කඩුලු 03ක් සහ එක් කඩුල්ල බැගින් කගිසෝ රබාඩා සහ රෂීඩ් ඛාන් බිඳ දැමුවා.

ඒ අනුව දෙපිළෙහිම මංගල තරගය වන අද තරගය ජය ගැනීමට ටයිටන්ස් කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 244ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13