spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පනත් කෙටුම්පත් 02 කට කථානායකවරයාගේ සහතිකය

පාර්ලිමේන්තුව විසින් පසුගිය කාලය තුළ සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 02ක් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය සටහන් කළ බව නියෝජ්‍ය කථානායකවරයා අද (21)දිනයේ පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සදහන් කළේ ඊයේ (20) දිනයේ මෙලෙස කථානායකවරයා විසින් සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් වලට සිය සහතිකය සටහන් කළ බවයි.

ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 15 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත සහ 2024 අංක 16 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස ඊයේ (20)දිනයේ සිට බලාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?