spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පදික මාරුවේදී පදිකයෙකු පොලිස් ජීප් රථයේ ගැටුණු අයුරු

පදික මාරුව මතදී පොලිස් ජීප් රථයක ගැටීමෙන් මාතර, තිහගොඩ බණ්ඩත්තර ප්‍රදේශයේ දී පදිකයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ තිහගොඩ, පලොල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ (04) රාත්‍රීයේ දී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ.

තිහගොඩ පොලීසියට අයත් එම ජීප් රථය සැකකරුවෙකු රැගෙන මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට යමින් සිටියදී එම පුද්ගලයා, පදික මාරුවේදී ජීප් රථයේ ගැටී තුවාල ලබා තිබුණා.

ප්‍රතිකාර සදහා මාතර රෝහලට ඇතුළත් කළ එම පුද්ගලයා ඊයේ රාත්‍රීයේදීම මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ. ජීප් රථය පැදවූ තිහගොඩ පොලීසියේ නිලධාරීයාව මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම අනතුර සිදුවූ අයුරුයි මේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?