පද්ධතිය ඩිජිටල්කරණය කිරීම මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් පස්ස ගහලා

පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් දක්වන අඩු සැළකිල්ල පිළිබඳව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සිය අප්‍රසාදය පළ වී තිබෙනවා.

2020 වසරේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව, කාරක සභාව විසින් පසුගිය 10 වනදා සැලකිල්ලට ගත් අවස්ථාවේ දී මේ පිළිබඳව කරුණු අනාවරණය වුණා.

පාර්ලිමේන්තුව විසින් විගණ වාර්තා සහ නිවැරදි දත්ත ලබාදෙන ලෙස දැනුම් දී ඇතත් පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කිරීම සඳහා ක්‍රියා කිරීමේ දී මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සහ ලංකා විදුලිබල මණ්ඩලය ඒ සඳහා දක්වන අඩු සැලකිල්ල පිළිබඳව කාරක සභාව එහිදී ප්‍රශ්න කළා.

පාර්ලිමේන්තුව විසින් දෙන ලද නියෝග ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම පාර්ලිමේන්තුවට අගෞරවයක් බව පැවසූ කාරක සභාව මෙහිදී මානව මැදිහත්වීම් අවම කළ යුතු බව කමිටුවේ අදහස වුණා.

ඩිජිටල්කරණය සඳහා ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් කමිටුව අප්‍රසාදය පළ කළ කාරක සභාව එලෙස ඩිජිටල්කරණයට ලක් කිරීම පද්ධතිය තුළම පවතින එක් කණ්ඩායමක් හේතුවෙන් අභියෝගකට ලක්ව ඇති බව අවධාරණය කළා.

මේ ආකාරයෙන් එක් කණ්ඩායමකට ඉඩ දීමෙන් සිදුවන්නේ පාරිභෝගිකයා මත බර පැටවීම පමණක් බවත්, මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් මීට වඩා දැඩිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් කාරක සභාව අවධාරණය කර සිටියා.

මේ අතර මෙම කාරක සභවේ දී තවත් වාර්ෂික වාර්තා පහක් සලකා බලනු ලැබුවා.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2022, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව, 2022, 2020 ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව සහ 2017 ලංකා සීනි සමාගමේ (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව සලකා බලා කාරක සභාව විසින් අනුමත කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16