පද්ධතිය ඩිජිටල්කරණය කිරීම මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් පස්ස ගහලා

පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් දක්වන අඩු සැළකිල්ල පිළිබඳව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සිය අප්‍රසාදය පළ වී තිබෙනවා.

2020 වසරේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව, කාරක සභාව විසින් පසුගිය 10 වනදා සැලකිල්ලට ගත් අවස්ථාවේ දී මේ පිළිබඳව කරුණු අනාවරණය වුණා.

පාර්ලිමේන්තුව විසින් විගණ වාර්තා සහ නිවැරදි දත්ත ලබාදෙන ලෙස දැනුම් දී ඇතත් පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කිරීම සඳහා ක්‍රියා කිරීමේ දී මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සහ ලංකා විදුලිබල මණ්ඩලය ඒ සඳහා දක්වන අඩු සැලකිල්ල පිළිබඳව කාරක සභාව එහිදී ප්‍රශ්න කළා.

පාර්ලිමේන්තුව විසින් දෙන ලද නියෝග ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම පාර්ලිමේන්තුවට අගෞරවයක් බව පැවසූ කාරක සභාව මෙහිදී මානව මැදිහත්වීම් අවම කළ යුතු බව කමිටුවේ අදහස වුණා.

ඩිජිටල්කරණය සඳහා ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් කමිටුව අප්‍රසාදය පළ කළ කාරක සභාව එලෙස ඩිජිටල්කරණයට ලක් කිරීම පද්ධතිය තුළම පවතින එක් කණ්ඩායමක් හේතුවෙන් අභියෝගකට ලක්ව ඇති බව අවධාරණය කළා.

මේ ආකාරයෙන් එක් කණ්ඩායමකට ඉඩ දීමෙන් සිදුවන්නේ පාරිභෝගිකයා මත බර පැටවීම පමණක් බවත්, මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් මීට වඩා දැඩිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් කාරක සභාව අවධාරණය කර සිටියා.

මේ අතර මෙම කාරක සභවේ දී තවත් වාර්ෂික වාර්තා පහක් සලකා බලනු ලැබුවා.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2022, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව, 2022, 2020 ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව සහ 2017 ලංකා සීනි සමාගමේ (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව සලකා බලා කාරක සභාව විසින් අනුමත කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19