spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

පතල් හාරා පන්සල් භූමියේ මැණික් සෙවූ හිමිනම අත්අඩංගුවට

බලංගොඩ – ඕපනායක ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක බලපත්‍ර නොමැතිව මැණික් පතල් කපමින් සිටි එම විහාරස්ථානයේ හිමිනමක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඕපනායක පොලීසිය විසින් අද (08) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රධාන දොරටුවට මීටර් 50ක් පමණ දුරකින් විහාරස්ථානය භූමියේ මොවුන් විසින් මෙලෙස පතල් කැනීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් විහාරස්ථානයේ දායක සභාව විසින් පොලීසිය දැනුවත් කිරීමත් සමඟයි අදාළ හිමිනම සහ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ මහේත්‍රත්වරයා හමුවට ඉදිපත්කිරිමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?