පඬුවස්නුවර සභාපති කොරෝනාවෙන් මියයයි

පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති ආර්.පී.ඩී. සුනිල් ජයවීර මහතා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇත.

වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔහු කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මරණයට පත්ව තිබේ.

ඒ මහතා මිය යන විට වයස අවුරුදු 60ක් විය.

ඔහු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ලද්දෙකි.