ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා පකිස්තාන සහ නේපාල ක්‍රිකට් කණ්ඩායම් දෙක අද(31) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියා
ඔවුන් යු.එල්.- 1230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .මෙම ක්‍රිකට් කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළුව 80 දෙනෙකු පමණ පිරිසක් පැමිණ සිටියහ .
ඔවුන් වෙනූවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ මෙන්ම , විශේෂ ආරක්ෂක රිය පෙළක් මගින් මහනුවර පල්ලෙකැලේ වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි. එළඹෙන 02 දින පකිස්තානය සහ ඉන්දියාව අතර තරගයත් , 04 දින ඉන්දියාව සහ නේපාලය අතර තරගයත් පැවැත්වීමට නියමිතය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1