පකිස්තානයට අනුමත වුණු ඩොලර් බිලියන 20ටත් බරපතළ අභියෝගයක්

මේ මස මුල දී, ලෝක බැංකු විසින් පකිස්ථානය සඳහා USD බිලියන 20 ක ණය පැකේජයක් අනුමත කරනු ලැබුවා.

නමුත්, බලුකිස්තාන් සහ කයිබර් පක්තුන්ක්වා යන පළාත් දෙකෙහි දේශපාලන බෙදීම් සහ පිරිහෙන ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට සැලකිය යුතු අභියෝග පවතින බව වාර්තා වනවා.

10-වසරක හවුල්කාරිත්ව රාමුව (CPF) යටතේ පාකිස්තානය සඳහා ඩොලර් බිලියන 20 ක ණය පහසුකම හා සම්බන්ධ අවදානම් නවයක් ලෝක බැංකුව දැනටමත් හඳුනාගෙන ඇතැයි සඳහන්.

පිරිසිදු බලශක්ති වැඩසටහනක් සඳහා වූ ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් අවලංගු කිරීමත් සමඟ පකිස්ථානයේ අරගලකාරී ආර්ථිකයට දැඩි පහරක් එල්ල වුණා.

චීන – පකිස්තාන ආර්ථික කොරිඩෝව (CPEC) යටතේ බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් සංශෝධන ඇතුළු ගිවිසුමට බැඳී ඇති ප්‍රධාන කොන්දේසි සපුරාලීමට පාකිස්තානය අපොහොසත් වීමෙන් පසු ණය අවලංගු කරනු ලැබුවා.

ඒ හා සමානව, 2024 නොවැම්බරයේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ද පකිස්තානයේ බදු හිඟය සහ විදේශීය ණය ලබා ගැනීමේ ප්‍රමාදය, අනෙකුත් කරුණු හේතුවෙන් ජූලි මාසයේ දී අනුමත කරන ලද තුන් අවුරුදු USD බිලියන 07 වැනි වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අභියෝග මතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18