පක්ෂ තහනමට එරෙහිව අවාමි ලීගයෙන් ප්‍රබල නිවේදනයක් (වීඩියෝ)

නෙරපා හරින ලද අගමැතිනි ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ අවාමි ලීගය, පක්ෂයේ ක්‍රියාකාරකම් තහනම් කිරීමට අන්තර්කාලීන රජය ගත් තීරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ “අවාමි ලීගයේ ක්‍රියාකාරකම් තහනම් කිරීමට නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධීව බලයේ රැඳී සිටින ෆැසිස්ට් යූනුස් රජය කළ නිවේදනයෙන් බංග්ලාදේශ ජනතාව කම්පනයට හා කෝපයට පත්ව සිටිති” යනුවෙන්.

“ෆැසිස්ට් ඒකාධිපති යූනුස් රජයේ මෙම තීරණය අපි වෛරයෙන් ප්‍රතික්ෂේප කරන අතර එයට දැඩි ලෙස හෙළා දකිමු සහ විරෝධය පළ කරමු” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වුණා.

ෆැසිස්ට් යූනුස් රජයේ මෙම තීරණය නොසලකා හරිමින් බංග්ලාදේශ අවාමි ලීගය එහි ක්‍රියාකාරකම් නිසි ලෙස කරගෙන යන බව අදාළ නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා.

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ අන්තර්කාලීන රජයේ කැබිනට් මණ්ඩලය, ත්‍රස්ත විරෝධී පනත යටතේ අවාමි ලීගයේ සියලුම ක්‍රියාකාරකම් තහනම් කිරීමට තීරණයක් ගත්තා.

ජාතික ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගත් බව රජය සෙනසුරාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් පැහැදිලි කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31