පංච පුද්ගල ඝාතනයට එක් අයෙක් පොලිස් භාරයට

යාපනයේ ඩෙල්ෆ්ට් ප්‍රදේශයේ නිවසක් තුළ තිබී කපා කොටා ඝාතනය කළ පුද්ගලයින් පස් දෙනෙකුගේ මළ සිරුරු පහක් හමුවීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන මෙම පුද්ගලයා ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඝාතනය සිදු වූ නිවසේම කලක් නතර වී සිටි පුද්ගලයෙකු බවටයි හෙළිවී ඇත්තේ.

ඔහු ජර්මනියෙන් පිටුවහල් කිරීමෙන් පසුව යාපනයට පැමිණ ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.

මේ තත්ත්වය මත ඔහු මානසික රෝගියෙකු බවට පත්ව සිටින අතර නිතරම ඔහු මෙම නිවසට ආගිය අයෙකු බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ්ට් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම නිවසේ සිටි හය දෙනාගෙන් පස් දෙනෙකුම ඝාතනයට ලක් වී සිටි අතර 100 හැවිරිදි කාන්තවක් බරපතල ලෙස තුවාල ලබා රෝහලට ඇතුලත් කෙරුණා.

ඇයව ඩෙල්ෆ්ට් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මරණයට පත්ව සිටින සියලුම දෙනා වයස අවුරුදු 75 ඉක්මවන ලද අය වන අතර ලන්ඩන් පුරවැසියෙකු වන වේලායුදම්පිල්ලේ නාගේන්ද්‍ර රත්නම් (78), නාගනාධි බාලසිංහම් (82), බාලසිංහම් කන්මනිපිල්ලේ (76), කාර්තිකේසු නාගේශ්වරී (83), යාපනයේ පදිංචිව සිටි මහාදේවන් (අවුරුදු 75) ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

නිවසේ සාමාජිකයින් ඝාතනය කළ ද නිවසේ තිබූ ස්වර්ණාභරණ මුදල් හෝ වෙනත් කිසිදු දෙයක් සොරා ගෙන ගොස් නොමැති බව ද සඳහන්.

නිවසේ සියලු දෙනාම නින්දට ගිය පසුව මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරණ අතර දහවල් වන තුරුත් නිවසේ කිසිදු අයෙකු එළියට නොපැමිණීම නිසා ඇති වූ සැකයක් මත යාබද නිවසක අයෙකු නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී මළ සිරුරු හමු වී තිබෙනා.

යාපනය ඩෙල්ෆ්ට් මහේස්ත්‍රාත් ගජනිති බාලන් මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණය සිදු කරණ ලද අතර එහිදි පොලිසිය කියා සිටියේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මුහුදු මගින් පළා යා හැකි නිසා යාපනය හා ඩෙල්ෆ්ට් අතර බෝට්ටු සේවාවන් තාවකාලිකව නවතා දැමීම වැදගත් බවයි.

ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කිරීමත් සමගම යාපනය හා ඩෙල්ෆ්ට් අතර බෝට්ටු සේවාවවන් නවතා දමා තිබෙනවා.

නාවික හමුදාවේ යාත්‍රා පමණක් ක්‍රියාත්මක වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ්ට් පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46