පංචිකාවත්තේ අද අලුයම වෙඩි තැබීමක් (වීඩියෝ)

මරදාන, පංචිකාවත්ත ප්‍රදේශයේ දී අද (06) අලුයම සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.