spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නෞකාවක් පාලමක ගැටී ඇමරිකාවේ දරුණු අනතුරක් (වීඩියෝ)

ඇමරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් නගරයේ පාලමක බහාලුම් නෞකාවක් ගැටීමෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නෞකාව ගැටීමෙන් පසු පාලම සම්පූර්ණයෙන්ම පැටප්ස්කෝ ගඟට කඩා වැටී ඇති බවයි.

මෙම අනතුරින් පුද්ගලයින් හත් දෙනෙකු සහ වාහන කිහිපයක් ගඟට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

බැල්ටිමෝර් සිටි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසන්නේ එරට වේලාවෙන් අද අලුයම 01:30 පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

මේ අතර ආපදා නිලධාරීන් එම ස්ථානයේ සිටින බවත් මුදාගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බවයි බැල්ටිමෝර් නගරාධිපතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
2
+1
11
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?