නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් පසු ඉන්දීය නාවිකයන් 28 දෙනෙක් මුදා ගැනේ

මොසැම්බික් ධජය යටතේ යාත්‍රා කළ නෞකාවකට ඉරාන දේශසීමා ජල තීරය ආසන්නයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් පසු එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් මුදා ගැනීමට ඉරානය සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

ඒ අතර, ඉන්දීය කාර්ය මණ්ඩල සාමාජිකයින් 28 දෙනෙක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිද්ධිය සිදු වූ වහාම නෞකාව ඉරාන වෙරළාරක්ෂක බලකාය වෙත ආපදා ඇමතුමක් ලබාදීමෙන් අනතුරව ඊට ප්‍රතිචාර වශයෙන්, අදාළ ඉරාන සමුද්‍රීය සහ මුදාගැනීමේ බලධාරීන් ප්‍රමාදයකින් තොරව එම ස්ථානයට යොදවා කඩිනමින් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බව, ඉරානයේ ඉන්දීය තානාපති මොහොමඩ් ෆතාලි පවසා තිබෙනවා.

ඉන්දීය ජාතිකයන් 28 දෙනා ඇතුළු නෞකාවේ සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිතව බේරාගත් අතර ඔවුන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් වාර්තාවල සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18