නොසිතූ වේගයකින් වර්ධනය වන ඉන්දීය ආර්ථිකය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), එහි නවතම දැක්ම අනුව, 2024 සඳහා ඉන්දියාවේ වර්ධන ප්‍රක්ෂේපණ මීට පෙර පැවති සියයට 6.8 සිට සියයට 7 දක්වා ඉහළ නංවා ඇති අතර, රට නැගී එන වෙළෙඳපොළවල් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි වේගයෙන් ම වර්ධනය වන ආර්ථිකයයි.

ඒ අනුව IMF පුරෝකථනයන්ට අනුව ඉන්දියාව වේගයෙන් ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය ලෙස දිගටම පවතිනවා.

2025 වසර සඳහා IMF විසින් ඉන්දියාවේ වර්ධන වේගය සියයට 6.5ක් ලෙසයි පුරෝකථනය කර ඇත්තේ.

එහි වර්ධන ප්‍රක්ෂේපන පිටුපස දේශීය ඉල්ලුමේ ශක්තිමත් බව සහ වැඩ කරන වයස්වල ජනගහනය ඉහළ යෑම හේතු වී තිබෙනවා.

“ඉන්දියාවේ සහ චීනයේ වර්ධනය 2024 දී ගෝලීය වර්ධනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට දායක වනු ඇත,” IMF හි හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ගීතා ගෝපිනාත් X සටහනක් තබමින් පැවසුවා.

චීනය සඳහා, 2024 දී වර්ධන පුරෝකථනය සියයට 5 දක්වා ඉහළට සංශෝධනය කර ඇති අතර, මූලික වශයෙන් පුද්ගලික පරිභෝජනයේ ප්‍රකෘතිමත් වීම සහ පළමු කාර්තුවේ ශක්තිමත් අපනයන හේතු වූ බව, IMF පවසනවා.

ඉන්දීය රජයේ නිල දත්තවලට අනුව, 2023-24 මූල්‍ය වර්ෂය තුළ රටේ දළ දේශීය නිෂ්පාදිතය ආකර්ෂණීය සියයට 8.2කින් වර්ධනය වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17