නොවැම්බර් පළමු වනදා සෞඛ්‍ය වැඩවැරුමකට සැරසෙයි

ලබන නොවැම්බර් පළමු වනදා සියලුම සෞඛ්‍ය වෘත්තීය සමිති එක්ව උදෑසන 6.30 සිට පස්වරු 12.00 දක්වා සියලු රෝහල්වල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

කොළඹ දී අද (28) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම එකමුතුව මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් මානුෂීය හේතූන් මත මාතෘ සහ ළමා රෝහලවල මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදු නොකරන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ එදින දහවල් 12.00න් පසු රෝහල් ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් ද සිදුකිරීමට නියමිත බවයි.

එළඹෙන අයවැයෙන් සෞඛ්‍ය සේවයට වෙන්කර ඇති මුදල් ප්‍රමාණවත් නොවීම, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38