නොවැම්බර් අවසානයේ සිට බැංකු කාඩ්පත්වලින් බස් ගාස්තු ගෙවන්න අවස්ථාව

එළෙඹෙන නොවැම්බර් 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළා.

”බස් ටිකට් එකෙන් මාටියා ගහනවා කියන එක හරි ප්‍රසිද්ධ කාරණයක්. ලංකාවේ බස් කර්මාන්තය කරන්න බැරි එක ප්‍රධාන හේතුවක් ඒක. කිසිම ආදායමක් ගන්න බැහැ ව්‍යාපාරිකයාට. ඒ නිසා ලොකු ඉල්ලීමක් තියෙනවා පෞද්ගලික බස් හිමියන්ගේ බස් සංගම්වල අපිට කාඩ් පේමන්ට් සිස්ටම් එකක් හදන්න කියලා. ඉතින් ගොඩාක් අය ඕක වටේ ගිහිල්ලා තිබුණා මේ වෙනම ට්‍රාන්ස්පෝට් කාඩ් හදන්න. ඒක කරදරකාර වැඩක් සහ ඒක පරණ වැඩක්. ඒ නිසා බලාපොරොත්තු වෙනවා ඩිජිටල් අමාත්‍යංශය සහතිකයක් දීලා තියෙනවා නොවැම්බර් 30 වනදා වෙනකොට ලංකාවේ දැනට බස් ටිකක් මැෂින් තියෙන ඕනම සාමාන්‍ය මට්ටමේ බස් ටිකට් මැෂින් තිබෙන ආයතනවලට ඒ වගේ බස් ටිකට් එකක් තියෙන බස් එකකට ඕනම මගියෙක්ට පුළුවන් තමන්ගේ තියෙන ඕනම ලංකාවේ භාවිත කරන බැංකු කාඩ් එකක් පාවිච්චි කරලා ටිකට් එක ගෙවන්න. එතකොට අහයිනේ හැම කෙනාට කාඩ් තියෙනවද? හැම කෙනාට බැංකු කාඩ් තියෙනවාද? ඒක ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන් රුපියල් දෙයි. ටික දවසක් යන කොට ඒගොල්ලෝ පුරුදු වෙයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16