spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නොරොච්චෝල බලාගාරයේ බිඳවැටීමක්

නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ඒකකයේ බිඳවැටීමක් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

බලාගාරයේ තුන්වන ඒකකය අප්‍රේල් මාසයේදී අලුත්වැඩියා සහ නඩත්තු සිදු කිරීමට නියමිතව තිබු බවයි ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා කියාසිටියේ.

නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ඒකකයේ බිඳවැටීමක් සිදු වුව ද අඛණ්ඩ බල සැපයුමක් සහතික කිරීම සඳහා, ලංකා විදුලිබල මණ්ඩලය සතු ඩීසල් සහ අනෙක් ඉන්ධන බලාගාර භාවිතා කරනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙම බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි ඔහු අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?