මෙතෙක් අක්‍රීයව පැවති නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව එම බලාගාරයේ ජනනය කෙරෙන විදුලිය හෙට (22) දිනයේ සිට ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.
අද (21) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.













