spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“නොමියෙන මතකයන්” ඒක පුද්ගල සිතුවම් ප්‍රදර්ශණය 21 වනදා ඉතාලියේ නාපෝලි නුවරදී

ඉතාලියේ නාපෝලි නුවර පදිංචිව එරට රැකියාවක නිරත ශ්‍රී ලාංකිකයකු විසින් ගෙවි ගිය දශකයේ රට තුළ පැවති ත්‍රස්තවාදි ක්‍රියාවන්ට අදාල සිදුවිම් රැසක් තම තෙළි තුඩින් අලංකාරවත් ලෙස සිතුවමට නගා එය 21 දින නාපෝලි නගරයෙ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබෙනවා.

මාරවිල කොස්වාඩිය පදිංචිකරුවකු වන සෙනෙවිරත්න දහනායක විසිනුයි මෙලෙස තම ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශණය නාපෝලි නගරය කෙන්ද්‍ර කර ගනිමින් පළමුවරට පැවැත් වීමට කටයුතු සංවිධානය කර ඇත්තේ.

“නොමියන මතකයන්, නමින් නම් කර ඇති මෙම සිතුවම් ප්‍රදර්ශණය මැයි 21 දින නාපෝලි නගරයේ පැවැත් වීමෙන් පසු ඉතාලියේ විවිධ ප්‍රදේශවලට ගොස් මෙම සිතුවම් ප්‍රදර්ශණය පැවැත් වීමට සෙනෙවිරත්න මහතා සැලසුම් කර තිබෙනවා.

තම නිර්මාණ ප්‍රදර්ශනය කරමින් උපයා ගන්නා මුදල් ශ්‍රී ලංකාවේ රණවිරු පවුල්වල විශේෂයෙන් ආබාධිත සහ යුද්ධයෙන් ජීවිත අහිමි වූ රණවිරු පවුල්වල සුභසාධන කටයුතු වෙනුවෙන් යෙදිවීමට අදහස් කර සිටින බවයි ඔහු ප්‍රකාශ කළේ.

යුද්ධය පාදක කොටගෙන පවත්වන ඒක පුද්ගල සිතුවම් නිර්මාණය මෙම මස 21 දින ඉතාලියේ නාපෝලි නගරයේ පියස්ස මස්සිනි සාන්ත අන්තෝනි ජාත්‍යන්තර පාසල් පරිශ්‍රයේ පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?