“නොමියෙන මතකයන්” ඒක පුද්ගල සිතුවම් ප්‍රදර්ශණය 21 වනදා ඉතාලියේ නාපෝලි නුවරදී

ඉතාලියේ නාපෝලි නුවර පදිංචිව එරට රැකියාවක නිරත ශ්‍රී ලාංකිකයකු විසින් ගෙවි ගිය දශකයේ රට තුළ පැවති ත්‍රස්තවාදි ක්‍රියාවන්ට අදාල සිදුවිම් රැසක් තම තෙළි තුඩින් අලංකාරවත් ලෙස සිතුවමට නගා එය 21 දින නාපෝලි නගරයෙ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබෙනවා.

මාරවිල කොස්වාඩිය පදිංචිකරුවකු වන සෙනෙවිරත්න දහනායක විසිනුයි මෙලෙස තම ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශණය නාපෝලි නගරය කෙන්ද්‍ර කර ගනිමින් පළමුවරට පැවැත් වීමට කටයුතු සංවිධානය කර ඇත්තේ.

“නොමියන මතකයන්, නමින් නම් කර ඇති මෙම සිතුවම් ප්‍රදර්ශණය මැයි 21 දින නාපෝලි නගරයේ පැවැත් වීමෙන් පසු ඉතාලියේ විවිධ ප්‍රදේශවලට ගොස් මෙම සිතුවම් ප්‍රදර්ශණය පැවැත් වීමට සෙනෙවිරත්න මහතා සැලසුම් කර තිබෙනවා.

තම නිර්මාණ ප්‍රදර්ශනය කරමින් උපයා ගන්නා මුදල් ශ්‍රී ලංකාවේ රණවිරු පවුල්වල විශේෂයෙන් ආබාධිත සහ යුද්ධයෙන් ජීවිත අහිමි වූ රණවිරු පවුල්වල සුභසාධන කටයුතු වෙනුවෙන් යෙදිවීමට අදහස් කර සිටින බවයි ඔහු ප්‍රකාශ කළේ.

යුද්ධය පාදක කොටගෙන පවත්වන ඒක පුද්ගල සිතුවම් නිර්මාණය මෙම මස 21 දින ඉතාලියේ නාපෝලි නගරයේ පියස්ස මස්සිනි සාන්ත අන්තෝනි ජාත්‍යන්තර පාසල් පරිශ්‍රයේ පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33