නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් ගමන අවසන් කළ බ්‍රෝඩ් අමිහිරි අත්දැකීමේ නිහඬතාව බිඳී

එංගලන්ත වේග පන්දු උයවන් ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් සෙනසුරාදා සිය විශ්‍රාම ගැනීම නිවේදනය කළේ, පස්වැනි අළු බඳුන ටෙස්ට් තරගය එංගලන්තය වෙනුවෙන් ඔහු ක්‍රීඩාකරන අවසන් ජාත්‍යනතර තරගය බවට තහවුරු කරමින්.

එංගලන්තය වෙනුවන් අද දිනයේ තම අවසන් ටෙස්ට් ඉනිම නොදැවී අවසන් කිරීමට ද ස්ටුවර්ට් බ්‍රෝඩ්ට හැකියාව ලැබුණා.

ඒ, ඕස්ට්‍රේලියාව සමඟ මේවන විට ක්‍රියාත්මක අවසන් අළු බඳුන ටෙස්ට් තරගයේ දී එංගලන්ත දෙවන ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 08ක් රැස් කරගනිමින්.

මේ වනවිට ඕස්ට්‍රේලියාව සමඟ පස්වැනි අළු බඳුන ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව එංගලන්තයේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් ප්‍රකාශ කළේ ක්‍රීඩා ලෝලීන් සහ ක්‍රිකට් ක්ෂේත්‍රය පවා පුදුමයට පත් කරමින්.

2015 ලෝක කුසලානයෙන් පසු සුදු පන්දු ආකෘතිවලින් ඉවත් වූ මෙම ක්‍රීඩකයා මේ වනවිට 37 හැවිරිදි වියේ පසුවනවා.

ඔහු විස්සයි විස්ස සහ එක්දින තරඟවලද සාර්ථකත්වය භුක්ති විඳි ක්‍රීඩකයෙකු වන අතර, 2007 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඔහු සියලු එක වරදක් නිසා ඔහුගේ නම ඉතිහාසයට එක් වුණා.

ඒ, ක්‍රිකට් ඉතිහාසයේ පන්දු ඕවරයක දී හයේ පහර 06කට ගොඳුරු වූ පළමු පන්දු යවන්නා බවට පත් වෙමින්.

මෙම අමිහිරි මතකය පිළිබඳව ස්ටුවර්ට් බ්‍රෝඩ්ගෙන් විමසීමට, ඔහු සිය ජාත්‍යනතර සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මාධ්‍යවේදීන් කටයුතු කර තිබුණා.

එම ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහු මෙතක් රැකි නිහඬතාව බිඳ දමමින් පැවසුවේ යුවරාජ් සිං පිට පිට එල්ල කළ දැවැන්ත හයේ පහර හය තමන්ගේ මානසික ශක්තියට වර්ධනයට බොහෝ සෙයින් ඉවහල් වූ බවයි.

එය පැහැදිලිවම ඉතා දුෂ්කර දවසක් වූ බවත් එම සිදුවීම තම ක්‍රීඩා දිවියේ වැදගත් අවස්ථාවක් බවද ඔහු සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56