නොකරපු වැරදිවලට අපිට දඬුවම් ලැබෙන්නේ ගිය ආත්මවල කරපු කර්මවලටයි

පියුමිට පුංචි කාලෙට යන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් යන්න කැමති කොයි කාලෙටද?
එහෙම වුණොත් මම මගේ ආම්මයි තාත්තයි එක්ක ගත කරපු ඒ පුංචි කාලයට යන්න ආසා කරනවා. මට අවුරුදු අටේදි විතර ඉඳන් මම හැදුණේ වැඩුණේ මගේ ලොකුඅම්මා ළඟයි. ඒ නිසා ඊට කලින් අම්මා තාත්තා එක්ක ගත කරපු ඒ ළමා කාලයට යන්න මම හරි ආසයි. අධ්‍යාපන කටයුතු නිසා තමයි මට ලොකුඅම්මා එක්ක ඉන්න සිදු වුණේ. ලොකුඅම්මා මට හරි ආදරෙයි. හැබැයි අම්මයි තාත්තයි එක්ක හිටපු ඒ ළමා කාලයට ආයෙත් යන්න මම හරි ආසයි.

නොහිතපු වෙලාවක කලා ක්ෂේත්‍රයෙන් ඔයාව ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වුණොත්?
මාව ප්‍රතික්ෂේප කළොත් එහෙම ප්‍රතික්ෂේප වෙන්න හේතුව මම හොයලා බලනවා. මගේ අඩුපාඩුකම් දුර්වලකම් නිසා මාව ප්‍රතික්ෂේප වුණා නම් ඒවා හඳුනාගෙන ආයෙත් ක්ෂේත්‍රයට ඒවි. නමුත් මගේ වැරැද්දක් නැතිව පෞද්ගලික හේතුවක් නිසා මාව ප්‍රතික්ෂේප වෙනවා නම් මම ඒ ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම අතහැරලා ව්‍යාපාරයක් පටන් ගන්නවා.

නොකරපු වරදකට පියුමිට දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?
නොකරපු වැරදිවලට අපිට දඬුවම් ලැබෙන්නේ ගිය ආත්මවල කරපු කර්මවලටයි.

ඒ නිසා එය නොකරපු වැරැද්දක් බව ඔප්පු කරලා මම නිදහස ලබාගන්න බලනවා. ඔප්පු කර ගන්න බැරිව මට හිරේ යන්න සිදු වුණොත් ගිය ආත්මේ ලොකු අකුසල කර්මයක් කියලා හිතාගෙන හිත හදාගන්නවා.

දේශපාලනයට යොමුවෙන්න අවස්ථාවක් වගේම ආරාධනාවකුත් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?
එහෙම වුණොත් නම් මම ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා.

ලංකාවේ දේශපාලනයට යොමුවෙලා බැණුම් අහන්න මම කැමති නැහැ. ලංකාවේ ඉන්න හැම දේශපාලනඥයෙක්ම අවස්ථාවාදී සහ ආත්මාර්ථකාමීයි. අපේ රට ගොඩගන්න බැරිවෙන්න ප්‍රධානම හේතුව වෙන්නෙත් මේ දේශපාලනඥයන්ම තමයි.

හිතපු නැති මොහොතක පියුමිට කෝටි ගණනක දිනුමක් ලැබෙනවා. එහෙම වුණොත් ඒ මුදලට මොකද කරන්නෙ?
මගේ අම්මා තාත්තා වෙනුවෙන් යම් මුදලක් වෙන් කරනවා. ඒ දෙන්නා තමයි මගේ ජීවිතේ. ඊට අමතරව දාන මාන පින්කම් වගේම නැති බැරි අය වෙනුවෙන් කොටසක් වෙන් කරනවා. ඒ වගේම මිනිසුන්ගේ ආදරය නොලබන මේ රටේ අහිංසක අසරණ සතුන් වෙනුවෙනුත් මුදලක් මම වෙන් කරනවා. මම ඔක්කොම මුදල් ළඟ තියාගන්නෙ නැහැ.

ජීවිතේ වෙච්චි සමහර සිදුවීම් අමතක කරන්න, මකා දමන්න පියුමිට අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් අමතක කරන්න උත්සාහ ගන්නෙ?
මගේ මල්ලි නැතිවුණු සිදුවීම මට අමතක කරන්න ඕනෙ. ඒත් කවදාවත් මට ඒ දේ කර ගන්න බැහැ. ඒ සිදුවීම මට මගේ ජීවිතේට ගොඩක් වද දෙන සිදුවීමක්. මල්ලි රිය අනතුරකින් නැතිවුණේ. මල්ලි මට කවදාවත් අමතක කරන්න බැහැ. එයා හරි පව්. කොච්චර බණ ඇහුවත්, කොච්චර ජීවිතේ ගැන අවබෝධ කර ගන්න හැදුවත් මල්ලිගෙ වෙන්වීම අදටත් මට දරාගන්න බැහැ. එයා නැතිව හරි පාළුයි.

ජීවිතේ වෙච්චි වැරැද්දක් ආයෙත් නිවැරදි කර ගන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් නිවැරදි කර ගන්නෙ මොන වැරැද්දද?
එහෙම වුණොත් නිවැරදි කර ගන්න ගොඩක් දේවල් තියෙනවා. මට මගේ ජීවිතේ කිහිප තැනක්ම වැරදි තීරණ නිසා වැරදුණා. ඒක මගේ පෞද්ගලික තීරණ. මගේ හිත ඒ මොනවද කියලා දන්නවා. ඒ වැරදි තීරණ නිවැරදි කර ගන්න පුළුවන් නම් මම ඒක කරනවා.

කලාවට අමතරව වෙනත් ක්ෂේත්‍රයක යම් විෂයක් ගැන ඉගෙන ගන්න පියුමිට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් හදාරන විෂය මොකක්ද?
සත්ත්ව වෛද්‍ය විද්‍යාවට මම හරි ආසයි. මම සතුන්ට ප්‍රතිකාර කරන්න ආසයි. පාරේ ඉන්න අහිංසක සතුන් ගැන මට තියෙන්නෙ පුදුම දුකක්. මට පුළුවන් විදිහට ඒ අයට කෑම දෙනවා. උදව් කරනවා. ඒ නිසා සතුන්ට ප්‍රතිකාර කරන විදිහ ඉගෙන ගන්න මම හරි ආසයි.

ඉතාම හොඳ නිර්මාණයකට ඉතාම හොඳ චරිතයකට පියුමිට ආරාධනාවක් ලැබෙනවා. හැබැයි ඒ අඩු ගෙවීමක් සහිතවයි. එහෙම වුණොත් ඒ අවස්ථාව බාරගන්නවාද?
එහෙම වුණොත් මම ඒ චරිතය බාරගන්නවා. අඩු ගෙවීමක් වුණාට ගැටලුවක් නැහැ. චරිතය හොඳ නම් අධ්‍යක්ෂකතුමා හොඳ නම් පොඩ්ඩක් ගාණ පැත්තකින් තියලා නිර්මාණයට සම්බන්ධවෙලා හොඳ නිර්මාණයක් කරනවා.

අධ්‍යක්ෂණයට පිවිසෙන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් පියුමි මොකද කරන්නෙ?
තාම මම අධ්‍යක්ෂණය ගැන හිතලවත් නැහැ. ඒ ගැන තේරුමකුත් නැහැ. ලංකාවේ සිනමාව සහ කලා නිර්මාණ කඩා වැටීමට හේතුව හොයලා බලලා හොඳ නිර්මාණයක් අධ්‍යක්ෂණය කරාවි. හැබැයි තාම ඒකට කාලය නෙමෙයි.

අද රටේ පවතින තත්ත්වය හමුවේ බොහෝ තරුණ තරුණියන් විදෙස් රටවලට රැකියා සඳහා යනවා. පියුමිටත් විදෙස් රටක ඉතා ඉහළ වැටුපකට, හොඳ රස්සාවකට ආරාධනාවක් ලැබෙනවා. එහෙම වුණොත් විදෙස්ගත වෙනවද?
ඔව්. අනිවාර්යයෙන්ම. ආයේ දෙපාරක් හිතන්නෙ නැහැ. අනිවාර් යෙන්ම යනවා.
එහෙම ගිහින් මගේ අම්මා තාත්තාවත් ඒ රටට ගන්නවා. අපි විසින්ම තමයි අපේ කලාවේ වටිනාකම් නැති කරගෙන තියෙන්නේ. ක්ෂේත්‍රයට ආ අලුත ඇතැම් කලාකරුවන්, කලාකාරියන් කිසි වගකීමක් නැතිව අඩු ගෙවීම්වලට වැඩ කරනවා. ඒ නිසා බොහෝ අය දැන් අඩු ගෙවීම්වලට තමයි නිර්මාණ කරන්නෙ. එහෙම වුණාම ජීවත් වෙන්න හරි අමාරුයි. ලංකාවේ දැන් යන තත්ත්වයත් එක්ක හැම කෙනෙක්ටම අමාරුයි. ඒ නිසා රටින් යන්න හොඳ අවස්ථාවක් ලැබුණොත් ඒ ගමන මම යනවා.

දිශානි ජයමාලි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02
Video thumbnail
නේපාලයට ආ ගංවතුර ලංකාවට බලපායිද ? මෙන්න හෙළිදරව්වක් - ලංකාවෙත් මේක වෙන්න පුළුවන්
03:07
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:58
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48