නේෂන් ලංකා ෆිනෑන්ස් හා සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් තැන්පතුකරුවන් අනතුරේ

ඉහළ පොළියක් දෙන බවට පවසමින් නේෂන් ලංකා ෆිනෑන්ස් හා සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් යන මූල්‍ය ආයතන මහජනතාවගෙන් මුදල් ලබාගෙන ඇති අතර මේ සම්බන්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී දෙවන වරටත් අප්‍රේල් මස 07 වැනි දා විභාගයට ගැනුණා.

එහිදී මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් පැමිණිලි කළ පළමු තැන්පතුකරුවන් 17 දෙනාට රුපියල් කෝටි 14ක්, 70 ලක්ෂයක පමණ මුදලක් වාරික 03ක් යටතේ ගෙවා නිම කිරීමට මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා කැමැත්ත පළකර සිටි බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය මාර්තු 27 වැනි දින සිට අප්‍රේල් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නේෂන් ලංකා ආයතනයේ කෝසල සුරංග නමැති අධ්‍යක්ෂවරයා ව රුපියල් ලක්ෂ 100 බැගින්, එනම් රුපියල් කෝටිය බැගින් වන ශරීර ඇප 02ක් යටතේ මුදාහැරීමට ද අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

නේෂන් ලංකා ආයතනයේ ප්‍රධානියා වන වික්ටර් රමනන් නමැති පුද්ගලයා ද්විත්ව පුරවැසිභාවය ලබන බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන අතර එවැනි ද්විත්ව පුරවැසියෙකු ලංකාවේ ප්‍රධාන මූල්‍ය ආයතනයක සභාපතිත්වය දැරීම ගැටළුසහගත බවත් වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය සම්බන්ධව තැන්පතුකරුවන්ට මෙවැනි සිද්ධීන් හරහා ගැටලුකාරී තත්ත්වයක් මතුවන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වීම වටිනා කාරණයක් බවයි නිවේදනයේ දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16