නේමාර් නොමැතිව ජපානය පරදා බ්‍රසීලය සුපිරි 16 දෙනාගේ වටයට

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනාට පිවිසීම් අවස්ථාව ප්‍රබල බ්‍රසීල කණ්ඩායමට අද හැකියාව ලැබුනා.

ඒ, අවසන් 32 දෙනාගේ වටයේ ජපානය සමඟ තරගය ගෝල ගෝල දෙකට එකක් ලෙස ජයගැනීමට හැකිවීමත් සමඟයි.

මෙම පරාජයත් සමඟ ජපාන කණ්ඩායමට මෙවර පාපන්දු ලෝක කුසලනයෙන් ඉවත්වීමට සිදු වුණා.

තරගයේ පළමු අර්ධය අවසන් වනවිට ගෝල එකට බින්දුවක් ලෙස ජපානය පෙරමුණ ගෙන සිටි අතර ජපානය වෙනුවෙන් වාර්තා වූ ගෝලය තරගයේ 29 වන විනාඩියේ දී කයිෂු සනෝ විසින් වාර්තා කළා.

කෙසේ වෙතත් දෙවන අර්ධයේ සිය ආක්‍රමණය තියුණු කළ බ්‍රසීලය 56 වන විනාඩියේ දී ගෝලයක් වාර්තා කරනු ලැබුවා.

ඒ, අනුව තරගයේ නියමිත කාලය අවසන් වනවිට දෙපිළම ගෝල එක බැඟින් ලබාගෙන සම තත්ත්වයේ පසු වූ අතර, තරගයේ ජයග්‍රාහකයින් තීරණය කිරීමට ලබාදුන් අමතර කාලයේ අවසන් විනාඩියේ දී බ්‍රසීලය වෙනුවෙන් ගේබ්රියල් මාටිනෙල්ලි විසින් ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට සමත් වුණා.

මේ අතර මෙම තරගයේ දී බ්‍රසීල සුපිරි ක්‍රීඩක නේමාර් ක්‍රීඩා නොකිරීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් ජපානය සමඟ මෙම තීරණාත්මක තරගය සඳහා සුපිරි ක්‍රීඩක නේමාර් ක්‍රීඩා නොකිරීම සම්බන්ධයෙන් විමසූ විට බ්‍රසීල පුහුණුකරු සඳහන් කළේ, මෙම තරගය වෙනුවෙන් ඔහුව අවශ්‍ය නොවූ බවයි.

මේ අතර බ්‍රසීලය මීළඟට 16 දෙනාගේ වටයේදී ඉරිදා නිව් ජර්සි ප්‍රාන්තයේ රදර්ෆර්ඩ් හිදී අයිවරි කෝස්ට් හෝ නෝර්වේ සමඟ තරඟ කිරීමට සූදානමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48