නේපාලයේ දී මාට්ටු වුණු සෙව්වන්දි ඇතුළු පිරිසගේ ඡායාරූප එළියට (ඡායාරූප)

ශ්‍රී ලංකා පොලිසිය සහ නේපාල පොලිසිය එක්ව දියත් කළ මෙහෙයුමකට අනුව නේපාලයේදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 06 දෙනාගේ ඡායාරූප මේවන විට නේපාල මාධ්‍ය විසින් නිකුත් කර තිබෙනවා.

ඉෂාරා සෙව්වන්දි වීරසිංහ, ජීවතාසන් කනකරාසා, තක්ෂි නන්තකුමාර්, දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා, කෙනඩි බස්තියම්පිල්ලෙයි, සහ දිනේෂ් නිසන්ත කුමාර යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි නේපාල මාධ්‍ය වාර්තා කරන්නේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් ආරංචි මාර්ග හඳුනාගෙන ඇත. 2025 පෙබරවාරි 20 වැනිදා කොළඹ අධිකරණයක් තුළදී සිදුවූ සංජීව ඝාතනයේ ප්‍රධාන විත්තිකාරිය ඉෂාරා සෙව්වන්දියි.

කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැදිහත් වී ඇති අතර ඒ අනුව සිදු වූ මෙහෙයුම සඳහා නේපාල පොලිස් මූලස්ථානයේ, නක්සල් හි පිහිටි ඉන්ටර්පෝල් ජාතික මධ්‍යම කාර්යාංශයේ කණ්ඩායමක ද සහය ලබා ගෙන ඇති බව ම මාධ්‍ය වැඩිදුරටත් සඳහන්කර තිබුණා.