නෙළුම් කුලුණ බලන්න ගිහින් අපේ අය කරපු වැඩ හෙළිවෙයි

කොළඹ නෙළුම් කුළුණ නැරඹීමට පැමිණ එහි විවිධ කොටස්වලට හානි කරන පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම අනතුරු අඟවනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සමාගමේ නියෝජිතයෙකු සඳහන් කළේ කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියට හානි කළ පුද්ගලයින් තිදෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගත් බවයි.

එම හානිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කළමනාකරණ සමාගමට විශාල මුදලක් වැය වන බැවින් එවැනි ක්‍රියාවලින් වළකින ලෙස ඔවුන් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් ඇතැමුන් එහි දේපළවලට විශාල වශයෙන් හානි සිදුකරන බවයි එහි නිලධාරීන් පේනවා දෙන්නේ.

මේ හේතුවෙන් නෙළුම් කුලුන නඩත්තු කිරීමට විශාල වියදමක් දැරීමට සිදුවී ඇති අතර ජනතා මුදලින් ඉදිකර ඇති මෙම දේපළ ආරක්ෂා කරගැනීම ජනතාවගේ වගකීමක් බව නිලධාරීන් සඳහන් කරනවා.

ඇතැම් ස්ථාන සූරා දමා ඇති අතර විවිධ නම් ලියා ඇති ආකාරයක් ද දක්නට ලැබෙනවා. ඒවා යළිත් පිළිසකර කිරීමට විශාල මුදලක් වය වන බවයි නිලධාරීන් පෙන්වා දෙන්නේ.

හානි කරපු කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන බව සඳහන්. ඊයේ (13) දිනයේදී ද එලෙස කටයුතු කරමින් සිටි තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දී තිබෙනවා.

“වොෂ්රූම්වල තියෙන සින්ක්වලට කකුල් දාලා හෝදනවා. කොමඩ්වලට පැම්පස් දානවා. ලොකු අයගේ ඒවත් දානවා. වතුර පුරවන කොටසේ පියන ඇරලා ඒකටක් දානවා. කාන්තා වැසිකිළියේ කොමඩ්වල ඉඳගන්න අකමැති නිසා ඇතැම් අය ඒ කටයුතු වෙන වෙන තැන්වල කරනවා. වැසිකිලි කිහිපයකට හානි කරලා තියෙනවා. අපි ඒවත් රිපෙයා කරගෙන යනවා. ඒත් මම කියන්නේ ආවාම මේක තව කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් විදියට තියලා යන්න. බලන්න එන්න ඇවිල්ලා විනෝද වෙන්න හැබැයි අපේ තැන පරෙස්සම් කරන්න. දැන් තියෙන වියදම් එක්ක පොඩි ඩැමේජ් එකක් වුණත් ලොකු වියදමක් යනවා.” යනුවෙන් නෙළුම් කුළුණ භාර නිලධාරීන් ප්‍රකාශ කළා.

කුළුන නැරඹීමට පැමිණෙන ජනතාවගේ මෙම හැසිරීම් තත්ත්වය මත එය විවෘත කළ වේලාවේ සිට වසා තබන වේලාව දක්වා නිරන්තරයෙන් පූර්ණ අධීක්ෂණයක් සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව කිසියම් අයෙක් මෙම දේපළවලට හානි වන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් දැඩි නීතිමය පියවර ගන්නා බව නිලධාරීන් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06