spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නෙළුකුලම වැවෙන් මළ සිරුරක් හමුවෙයි

වවුනියාව – නෙළුකුලම වැවේ තිබී අද (10) පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

එම මළ සිරුර හඳුනා ගැනීමට සහය වන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

වව්නියාව – නෙළුකුලම වැව මාර්ගය අසළින් ගමන් ගත් පුද්ගලයෙකු එම වැවේ පාවෙමින් තිබූ මළ සිරුර දැක ඒ බව පොලීසියට දැනුම් දී තිබෙනවා.

ඉන් අනතුරුව නෙළුකුලම පොලිසිය එම ස්ථානයට ගොස් වැඩිදුර විමර්ශන සිදු කර ඇති අතර වැවේ මුදුනේ පාවහන් ද තිබී ඇති බැවින් වැරදීමකින් මෙම සිද්ධිය සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

මෙලෙස වැවේ පාවෙමින් සිටි පුද්ගලයා කහ පැහැති කමිසයක් සහ සරමක් හැඳ සිට ඇති අතර වයස අවුරුදු 55 ත් 60 ත් අතර විය හැකි බවයි පොලීසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?