නෙළුකුලම වැවෙන් මළ සිරුරක් හමුවෙයි

වවුනියාව – නෙළුකුලම වැවේ තිබී අද (10) පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

එම මළ සිරුර හඳුනා ගැනීමට සහය වන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

වව්නියාව – නෙළුකුලම වැව මාර්ගය අසළින් ගමන් ගත් පුද්ගලයෙකු එම වැවේ පාවෙමින් තිබූ මළ සිරුර දැක ඒ බව පොලීසියට දැනුම් දී තිබෙනවා.

ඉන් අනතුරුව නෙළුකුලම පොලිසිය එම ස්ථානයට ගොස් වැඩිදුර විමර්ශන සිදු කර ඇති අතර වැවේ මුදුනේ පාවහන් ද තිබී ඇති බැවින් වැරදීමකින් මෙම සිද්ධිය සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

මෙලෙස වැවේ පාවෙමින් සිටි පුද්ගලයා කහ පැහැති කමිසයක් සහ සරමක් හැඳ සිට ඇති අතර වයස අවුරුදු 55 ත් 60 ත් අතර විය හැකි බවයි පොලීසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32