නෙදර්ලන්ත තානාපති සහ ටිල්වින් සිල්වා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බොර් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර සුහද හමුවක් ඊයේ (23) පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු වුණා.

එම හමුවේදී, දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පෑමෙන් පසුවද නිදහස් හා සාධාරණ මැතිවරණ තුනක් පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් තානාපතිවරයාගේ අගය කිරීම ප්‍රකාශ කර තිබෙනවා.

එසේම දෙරට අතර ඓතිහාසිකව පවතින සබඳතාව සිහිපත් කළ ඔහු තවද යටත්විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය යම් පුරාවස්තු ශ්‍රී ලංකාවට නැවත ගෙන ඒමට අදාළව සිදුකරගෙන යන වැඩකටයුතු සම්බන්ධයෙන් ද ඒ සඳහා ශ්‍රී ලංකාවේ විශේෂඥයින්ගෙන් ලැබෙන දායකත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, යටිතල පහසුකම් වර්ධනය කිරීම, වංචා දූෂණ වැළැක්වීම සම්බන්ධ ප්‍රගතිය, මත්ද්‍රව්‍ය තුරන් කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කමක් සහිත පිහිටීම හේතුවෙන් අත්කර ගත හැකි ආර්ථිකමය වාසි සහගත තත්වයන් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50
Video thumbnail
විපක්ෂය බලනකොටම පේන්නේ ජෝකර්නේ - කිසි කෙනෙක් සජිත් ළඟ ඉන්න කැමති නෑ
04:25
Video thumbnail
මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම එයාලගේ සේවකයෙක් - අපි පූසන්ගේ අයිතිකාරයෝ නෙවෙයි
05:48
Video thumbnail
"හිටපු පොලිස්පති CD ට අත්වුණු ඉරණම ගැන අසල්වැසියෙක් සංවේදීව හෙලි කරයි"
00:31
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි - එයාලට තියෙන ඒ ආදරය
02:18
Video thumbnail
දඹුල්ල යුද හමුදා කඳවුර අසල තිබී උණ්ඩ කිහිපයක් සොයාගයි - පොලිසිය හා STF එක්ව වටේම සෝදිසි කරයි
01:32
Video thumbnail
30ස් දෙනෙක් එකතුවෙලා මගේ දරුවට හොඳටම ප#රදීලා - අමාරුයි කියද්දිත් රෝහලට අරගෙන ගිහින් නෑ
02:31
Video thumbnail
JVP එක ගි# තියපුව ඒවට නඩු ඇහුවනම් අද කට උත්තර නෑ - 76ක සා#පය වෙන කවුරුත් නෙවෙයි JVP එක
03:38
Video thumbnail
"කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට අලුතින් ගියේ පුතා.. පැය එක හමාරක් ඉස්කෝලේ රඳවගෙන ඉදලා"
02:23
Video thumbnail
2029 කියනකොට මතක් වෙන්නේ නාමල් - රට වටේ කොහේ ගියත් ඇහෙන්නේ නාමල්ගේ නම
24:19