නෙදර්ලන්ත තරගයේ දීත් ශ්‍රී ලංකා ආරම්භය ලප් තැනම ලොප් වෙයි

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගය මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් දේශයේ ශාන්ත ලුසියා හිදී පැවැත්වෙනවා.

නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිළේ ආරම්භය අදත් සාර්ථක එකක් වූයේ නැහැ.

ඒ, ශ්‍රී ලංකා ඉනිමේ දෙවන පන්දුවෙන්ම ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු නොලබාම දැවීයාමත් සමඟයි.

විවියන් කිංමාගේ පන්දුවකට තර්ඩ් මෑන් කලාපයේ පන්දු රකිමින් සිටි සයිබ්‍රෑන්ඩ් එංගල්බ්‍රෙක්ට් වෙත උඩ පන්දුවක් ලබාදෙමින් පැතුම් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවීගියා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මීට පෙර මූලිකවටයේ තරග දෙකකට ක්‍රීඩා කළ අතර එම තරග දෙකේදීත් පැතුම් නිශ්ශංක දැවීගියේ උඩපන්දු ලබාදෙමින් වීම විශේෂත්වයක්.

ඒ, අනුව පැතුම් නිශ්ශංක මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී දැවී ගිය අවස්ථා තුනේදීම දැවී ගියේ උඩපන්දු ලබාදෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49