නෙදර්ලන්තයට ලකුණු 214ක ඉලක්කයක්

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවේන ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට නෙදර්ලන්තයට ලකුණු 214 ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

බුලවායෝහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 213 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට ඉහළ දායකත්වයක් ලබාදුන් ධනංජය ද සිල්වා ලකුණු 93ක් ලබා ගත්තේ තම 10 වන එක්දින අර්ධ ශතකය ද වාර්තා කරමින්. හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ද ඊට ඇතුළත්.

එමෙන්ම ඔහු එක්දින ක්‍රිකට් පිටියේ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ද අද වාර්තා කළා. මීට පෙර ඔහු එක්දින තරගයකදී ලබා තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 91ක්.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

සධීර සමරවික්‍රම එක් ලකුණක් සහ චරිත් අසලංක ලකුණු දෙකක් ලබා ගත්තා.

නායක දසුන් ශානක ලකුණු 5යි. කුසල් මෙන්ඩිස් ලකුණු 10ක් සහ වනිඳු හසරංග ලකුණු 20ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Logan van Beek සහ Bas de Leede කඩුලු 3ක් බිඳ හෙලුවා. Saqib Zulfiqar කඩුලු 2යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14